අනුරාධපුර කඩ පනහ අසල රාත්රී සමාජ ශාලාවකට කඩා වැදුණු පිරිසක් එහි හිමිකරු බව කියන පුද්ගලයා කපා කොටා ඝාතනය කර තිබේ.
අනතුරුව ඔවුන් කළමනාකරුට පිහියෙන් ඇන වාහන 10 – 15 ක් පමණ පොඩි කර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
පහරදීමකින් එහි කළමනාකරු බව පැවසෙන වසන්ත ඇලෙක්සැන්ඩර් වික්රමද සොයිසා මියගොස් තිබේ.
පුද්ගලයින් 20 දෙනෙකු පමණ මෙම පහරදීමට සම්බන්ධ බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයාට අයත් බව කියන එම රාත්රී සමාජ ශාලාව ප්රදේශයේ ප්රසිද්ධ සමාජ ශාලාවක් බවද පැවසෙන ඇත.
එම රාත්රී සමාජ ශාලාවට අදාළව අධිකරණයේ නඩු විභාගවෙමින් තිබේ.
සේවකයින් තිදෙනෙකුද මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
වසන්ත සොයිසා මහතා අවස්ථා කිහිපයකදීම විවිධ වාර්තා තබමින් දක්ෂතා දැක්වු කරාටේ ශිල්පියෙකි.
මේ අතර මියගිය පුද්ගලයා රූපවාහිනි රියැලිටි වැඩසටහනකදී ගිනස් වාර්තාවකට හිමිකම් කීමට සමත් වූ අයෙක් බවද පැවසෙයි.
කිසිවකු මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
මීට පෙරද පොලිස් නිලධරයකු බව කියන පුද්ගලයකු සාදයකට සහභාගීවී සිටියදී මියගිය බව කියති.