• Thu. Feb 2nd, 2023

"අපි සියල්ලදත්ලා නෙමෙයි – බල්ලො අපිව කෑවා කියලා අපි බල්ලන්ව කන්නේ නෑ" – දසුන් මහනුවර ගැන කතා කරයි

dasun

පසුගියදා සිරස නාලිකාවේ වැඩසටහනකට එක්වූ සුපර් ස්ටාර් ගායක දසුන් මධුෂාන් සහ ශනුද්‍රි ප‍්‍රියසාද් එහිදී ඇසූ ප‍්‍රශ්න වලට සැපයූ පිළිතුරු නිසා සමාජ මාධ්‍යයන්හි දැඩි විවේචනයට බඳුන් වුණා.
එම සිද්ධියෙන් පසුව දසුන් මෙවර ඉරිදා පුවත්පතකට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙමින් සිද්ධිය ගැන පැහැදිලි කර තිබෙනවා.ඒ පහත පරිදිය.

කොහොම හරි වැඩසටහනකට ගිහින් නා ගත්තා නේද?
සමහරු “නා ගත්තා” කියනවා. තවත් සමහරු “විහිළුවක් වුණා” කියනවා. තවත් අය වැඩසටහන “විහිළුවකට ගත්තා” කියනවා. එක එක්කෙනා එක එක විදියෙන් අර්ථ දක්වනවා. හැබැයි ඔය ඔක්කොම පිටින් බලලා කියන කතා. ඇත්ත කවුරුත් දන්නෙ නෑනේ.

මොකක්ද ඉතින් ඔය කවුරුත් නොදන්න ඇත්ත…?
“තරුමල් අතරින්” කියන්නේ හරවත් සංවාදයක් නෙමෙයි. ඒක බොහොම විනෝදාත්මක වැඩසටහනක්. වැඩසටහන මෙහෙයපු ටෂ්මාත්, ශනුද්‍රිත් මමත් නොදන්න අය නෙමෙයිනේ.ඒ නිසා අපි බොහොම සැහැල්ලූවෙන් වැඩසටහනට සහභාගි වුණේ.මුල ඉඳන්ම විහිළුවෙන්මයි හිටියේ.ඔය ප‍්‍රශ්න අහන සෙග්මන්ට් එකේදී වුණත් සීරියස් වුණේ නැහැ. අනිත් එක ඕක පැය දෙක හමාරක් රෙකෝඞ් කරපු වැඩසටහනක්. හැබැයි එඩිට් කළාම පැයයි.විකාශය වෙච්ච වැඩසටහනේ අපි කරපු කියපු හැමදේම නෑ.

කොහොම හරි දසුන් ලංකාවෙ අගනුවරයි, ලංකාවට නිදහස ලැබුණ දවසයි දැනගෙන හිටියෙ නෑ නේද?

ඒ දෙක දන්නෙ නැත්නම් ලංකාවෙ ඉඳලත් වැඩක් නෑනේ.හැබැයි අපේ ඔළුවල තියෙන්නේ මියුසික්.අපි ඉන්නේ ඒ ලෝකේ.ගහෙන් ගෙඩි එනවා වගේ ඇහුවාම එකපාරටම මතක් නොවෙන්න පුළුවන්.ඒත් පස්සේ අපි හරි උත්තරේ කිව්වා.ඒක වැඩසටහනේ තිබ්බෙ නෑ.ඇත්ත ඒක නම් වෙච්ච දේ වැරදියි නේ.

මොන ක්ෂේත‍්‍රයේ හිටියත් රට තොට ගැන අවබෝධයෙන් ඉන්න ඕනෑ නේද?

ඒක ඇත්ත. හැබැයි අපි සියල්ලදත්ලා නෙමෙයි. අපි කාටත් වැරදෙන්න පුළුවන්. අඩුපාඩු පෙන්නලා දෙන එක වෙනම දෙයක්. හැබැයි ඇරියස් කවර් කරන එක වෙනම දෙයක්.

කේන්තියෙන්ද කතා කරන්නේ දසුන්…?
නෑ..පොඞ්ඩක්වත් කේන්ති නෑ.”බල්ලො අපිව කෑවා කියලා අපි බල්ලන්ව කන්නේ නෑනේ.මොකද අපි මිනිස්සුනේ. කොහොමත් අපේ කොල්ලන්ට මාත් එක්ක පොඩි ඇරියස් එකක් තියෙනවානේ.මේ සිද්ධිත් එක්ක ඒ ඇරියස් කවර් වෙන්න ඇති.

පසුතැවීමක්ද තියෙන්නේ.?

අපෝ නෑ.මම පසුතැවෙන්නෙ නෑ.ඇයි මම පසුතැවෙන්නේ.මම වරදක් කළේ නෑනේ.අනිත් එක කවුරු මොනවා කිව්වත් මම කරන කියන දේ නතර වෙන්නෙත් නෑ.මාව දිරවන්නෙ නැති අය, මගේ සින්දුවලට අකමැති අය ඒ සින්දු අහන්නෙ නෑ කියලා මම සින්දු නොකියන්නෙත් නෑ.ඔය වගේ දේවල්වලින් මාව වට්ටන්න බෑ.


 

https://www.facebook.com/apearata/photos/a.358256810948793.84146.358202204287587/860145804093222/?type=3&theater

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *