නිවාස හා ඉංජිනේරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ විමල් වීරවංශ මහතා අමත්‍යධූරය දැරු සමයේ කහතුඩුව හා මත්තේගෝඩ නිවාස විකිණීමේදි සිදුවු වංචාවන් පිලිබදව අනාවරණය කරනු ලැබීය. ඒ අනුව, එම නිවාස පහත පරිදි ඉතා අඩු මිලකට විකුණා ඇත.
මිලදී ගත් පුද්ගලයා: හේවාගීගනගේ වත්සලා කුමාරසිංහ – විමල් වීරවංශ මැතිතුමාගේ වැඩිමහල් සොහොයුරාගේ පුතාගේ බිරිද
ගෙවපු මුදල: ලක්ෂ 11
ගෙවීමට ඉතිරිව තිබු මුදල: ලක්ෂ 74
ඉසුරු තරංගමාලා මුතූ රණවීර – විමල් වීරවංශ මැතිතුමාගේ සහෝදරයාගේ බිරිද
ගෙවපු මුදල: ලක්ෂ 7
ගෙවීමට ඉතිරිව තිබු මුදල: ලක්ෂ 78
පලාතේ ගෙදර වසන්තා රූපසිංහ – විමල් වීරවංශ මැතිතුමාගේ බිරිදගේ සහෝදරයාගේ බිරිද
ගෙවපු මුදල: ලක්ෂ 20
ගෙවීමට ඉතිරිව තිබු මුදල: ලක්ෂ 78
ප්‍රියන්ත මිලින්ද රත්නායක – හිටපු ජනාධිපති අර්යාවගේ (ශිරන්ති රාජපක්ෂ ) ඉල්ලිම පරිදි ලබදී ඇත. හිටපු මාධ්‍ය අංශයේ මාධ්‍ය කලමණාකරු, වර්තමාන නාගරික සංවර්ධන අධිකාරියේ මාධ්‍ය කලමණාකරු
ගෙවපු මුදල: ලක්ෂ 5
ගෙවීමට ඉතිරිව තිබු මුදල: ලක්ෂ 97
වාදච්චාරිගේ හේමසිරි – විමල් වීරවංශ මැතිතුමාගේ සහෝදරියගේ ස්වාමි පුරුෂයා
ගෙවපු මුදල: ලක්ෂ 10.5
ගෙවීමට ඉතිරිව තිබු මුදල: ලක්ෂ 89.5
පල්ලෙපෙරුව ගමගේ ආනන්ද ප්රියදර්ශණ – විමල් වීරවංශ මැතිතුමාගේ සහෝදරියගේ ස්වාමි පුරුෂයා
ගෙවපු මුදල: ලක්ෂ 10.5
ගෙවීමට ඉතිරිව තිබු මුදල: ලක්ෂ 91.5
OPD සමාගම මෙම වංචාව පිලිබද FCIDයට පැමිණිලි කිරීමෙන් පසු ප්‍රියන්ත මිලින්ද රත්නායක හැර අනිත් සියලු දෙනා මෙම නිවාස OPD සමාගමට නැවත බාරදී ඇත.
මෙය නීතිපති උපදෙස් මත අල්ලස් ගණයට වැටෙන වරදක් බැවින් සියලු ලිපිගොනු අල්ලස් කොමිසමට භාරදී තිබේ.
https://www.youtube.com/watch?v=glOrQ8e9Ajo&enhanceprivacy=1