බෞද්ධ පුනර්ජීවනයක් ඇති කිරීම සදහා ධර්ම සංඝායනාවක් සිදු කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ දෙපානම සිරිධම්මින්ද විහාරස්ථානයේ ඉදිකෙරුණු අභිනව බුද්ධ මන්දිරය සහ බෝධීන් වහන්සේ වටා රන්වැට විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (25) පැවති පිංකමකදීයි.
අදාළ ධර්ම සංඝායනාව සිදු කිරිමේදී ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අනුශාසනා ලබා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියාසිිටියා.
තමන් ඉදිරියේදි තායිලන්තයේ සංචාරයක නිරත වන බවද බෞද්ධ පුනර්ජීවනය සදහා එම සංචාරයේදීද වැදගත් සාකච්ඡා කිහිපයක් සිදුකරන බවද ජනාධිපතිවරයා කියාසිටියා.