• Mon. Feb 6th, 2023

පසුගිය රජයේ දූෂිතයින් සමග අතිනත ගන්න යහපාලනයත් සැරසෙන ළකුණු.

robary

රාජපක්ෂ පාලනය සමග දූෂිත ක්‍රියාවන්හි නිරත වූ රාජපක්ෂගේ සමීපතම නිලධාරීන් සිව් දෙනෙකු යහපාලනය සමග එක්ව නැවත රාජ්‍ය පාලනයට කැස කවන බව වාර්තාවේ. මොවුන් අතර මහින්ද රාජපක්ෂගේ ලේකම් වූ ලලිත් වීරතුංග මේ අතර වන බවත් එම ආණ්ඩුවේම ආර්ථිකය නැති භංගස්ථාන කළ පී.බී.ජයසුන්දර මෙන්ම බැසිල් රාජපක්ෂගේ මහාමාර්ග අමාත්‍යාංශයේ සභාපති ආර්.ඩබ්.ආර්.ප්‍රේමසිරි, බැසිල් රාජපක්ෂගේ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සිරිසේන අමරසේකර යන අය මේ වන විට යහපාලන ආණ්ඩුවේ සමීපතමයන් සමග එක්ව ආණ්ඩුවේ ක්‍රියාදාමයන් සමග එක්ව යළිත් දූෂිත ක්‍රියාදාමයකට එක්වීමේ උත්සාහයක් පවතින බව වාර්තාවේ.

එනිසාම මේ සිව් දෙනාටම මේ වන විටත් FCID ය සහ CID ය විසින් එක් අයෙකුට නඩු 2 බැගින් නඩු 8 කට අදාලව මේ වන විටත් මහේස්ත්‍රාත් අධිකරණ වලට කරුණු වාර්තා කර තිබේ. තවත් නඩු රාශියකට අදාල කරුණු මේ වන විටත් සොයාගෙන ඇත.

හෙලිකළ වී ඇති ඉන් එක් ගණුදෙනුවන් වන ආර්.ඩබ්.ආර්. ප්‍රේමසිරි නමැත්තා රාජපක්ෂලා සමග සිටිමින් අයුතු ලෙස උපයා ගත් ධනයෙන් රට පුරා දේපොල 60 ගණනක් විවිධ නම් යටතේ මිලදී ගෙන තිබෙන බවට කරුණු සොයා ගෙන ඇත.

එසේ තිබියදී මොවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ප්‍රබල ඇමැතිවරුන්ට නායක හිමිවරුන් ලවා ඇමැතුම් දෙමින් තමන් සුදනන් යැයි කියමින් කියා පෑමට උත්සාහ ගනිමින් සිටීම යහපාලනයද මං මුලාවී ඇති බවට කරුණු කියා පාන්නකි.

ඉහත කී එක් දූෂිත රාජ්‍ය නිලධාරියෙක් සම්බන්ධයෙන් එක් ප්‍රධාන මහනායක හිමි නමක් ප්‍රබල ඇමැතිවරයෙකුට පවසා ඇත්තේ “මහත්තයෝ මොනවා වුනත් මිනිහා හොඳ බෞද්ධයෙක්නේ, මිනිහාව ගන්න“ කියා ය. එහිමියන් පවසන එකී රාජ්‍ය නිලධාරියා රාජපක්ෂගේ තනතුරු දරද්දී රජයේ පුවත් පතකට පවසා තිබුනේ තමන් ආගමට ඇලී ගැලී නැති බවයි. (අවශ්‍ය නම් එහිමියන්ට 2010 ඔක්තෝම්බර් 13 දා දිණමින පුවත්පත කියවා සැක නැතිකර ගත හැකිය.)

මහනායක හිමිවරුන්ගේ හෝ සක්කරයාගේ හෝ නාමයෙන් මේ චොරයන් යහපාලන ආණ්ඩුවේ තනතුරු ලැබුනහොත් ජනවාරි 9 වෙනිදා පාරට නොබැස සතුරාටත් මෛත්‍රී කළ ජනයාගේ ඉවසීමේ රතු කට්ට පනින බව නම් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු වශයෙන් ලියා තැබිය යුතුය.

(ලංකාඊනිවුස්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *