• Thu. Feb 2nd, 2023

මහින්ද කොටින්ට සල්ලි දීමේ සිද්ධිය හෙළිවන ළකුණු..?

mahinda rajapaksa

එල් ටී ටී ඊ සංවිධානයේ දේශපාලන අංශයේ මුල් පෙලේ නායකයන් ඝාතනය කෙරුනු සුදු කොඩි ඔසවාගෙන යටත් වීමේ සිද්ධියට නියෝග දුන්නේ කොළඹින් බව අගමැතිවරයා පාර්ලීමේන්තුවේ දී පසුගියදා හෙළි කළා.

පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට සහභාගී වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ “ජනාධිපතිවරණයේ ඩීල් එකක්” දැමූ එල්ටීටීඊ සාම කාර්යාංශයේ ප්‍රධානී සීවරත්නම් පුලිදේවන් බේරාගැනීමේ අවශ්‍යතාවක් රාජපක්ෂ පාලනයට තිබුණු බවයි.

2005 දෙසැම්බරයේ ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා කොටි සංවිධානය උපකාර කළ බව කී ඒ ඡන්දයෙන් පැරදුනු වර්තමාන අගමැති වරයා ‘පුලිදේවන් හිටියේ නැත්නම් මේ අයට ආණ්ඩු බලය ගන්නට බැහැ’ යි පැවසීය.

ranil-wickramasingheපුලිදේවන් 2005 නොවැම්බර් මාසයේ මහින්ද රාජපක්ෂ සමග ගනුදෙනුවක් කළ බවට චෝදනා කළ රනිල් වික්‍රමසිංහ,
“අපි ඇත්ත කතා කරමු. පුලිදේවන්ව බේරන්න කවුද සල්ලි ගත්තේ. කවුද ජනාධිපතිවරණයේ ඩීල් එක දැම්මේ.ඒ ගැන දන්නා අය මෙතැන ඉන්නවා ටී.එන්.ඒ. මන්ත්‍රීවරුනුත් දන්නවා අපිත් දන්නවා”යි පැවසීය.

“සුදු කොඩි දාගෙන එන මිනිසා ඇත්ත වශයෙන් භාරවෙන්න එනවා ද බොරුකරනවා ද කියලා තීරණය කිරීම හමුදාවේ කාර්ය භාරයක්” යයි සඳහන් කළ අගමැති වික්‍රමසිංහ පුලිදේවන් බේරා ගැනීමට ගොස් ‘අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කර ගත්’ බව පාර්ලිමේන්තුවට පැවසීය.

සිදුවූ බව සඳහන් කරන කොමිසම් වාර්තාව ඒ සම්බන්ධයෙන් ස්වාධීන අධිකරණ විභාගයක් පැවැත්විය යුතු බවට නිර්දේශ කරයි.

ආරක්ෂාව පිලිබඳ සහතිකයක් ලබා සුදු කොඩි ගෙන ශ්‍රී ලංකා යුද හමුදාවට භාරවීමට පැමිණි එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශයේ නායක බාලසිංහම් නඩේසන් සහ සාම කාර්යාංශයේ ප්‍රධානී සීවරත්නම් පුලිදේවන් ඇතුළු පිරිසක් 2009 මැයි 18 වැනිදා ඝාතනය කිරීම යුද අපරාධයක් ලෙස හඳුන්වා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, පරණගම ජනාධිපති කොමිසමත් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කොට තිබේ.

Lakshman-Kadirgamarහිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කෙරුණු 2005 අගෝස්තුවෙන් මාස හතරක් ඇතුලත මහින්ද රාජපක්ෂ පාලනය එල්ටීටීඊ සංවිධානයට මුදල් දුන් බවට චෝදනා කළ අගමැති වික්‍රමසිංහ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සහ කදිරගාමර් ඝාතනය අතර සම්බන්ධතාවක් ඇතිද යන සැකය මතු කළේය.

ඒ පිලිබඳ නිශ්චිතව කරුණු නොකී අගමැතිවරයා ‘මේ සාකච්ඡාව සඳහා සියලූ දෙනා එක්වූයේ අරලියගහ මන්දිරයේ’ යි පැවසීය.

යෝජිත සත්‍ය කොමිසම හමුවේ මේ තොරතුරු එලිවෙනු ඇතැයි බිය දැයි ඔහු ප්‍රශ්න කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *