• Tue. Feb 7th, 2023

බෙල්ලංවිල වෝකින් ට‍්‍රැක් ඕපනින් එකට ලක්ෂ 276ක් ගත්තේ උත්සවය සංවිධානය කරන්නයි.

bhathiya jayakodi
හිටපු රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාගේ මඟ පෙන්වීම යටතේ ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ක‍්‍රියාත්මක කළ බෙල්ලන්විල ඇවිදින මංතීරුව හා ආහාර අංගණය විවෘත කිරීමේ උත්සවයේ ගීත ගායනය වෙනුවෙන් භාතිය සන්තුෂ් සම්බන්ධ සමාගමකට රුපියල් ලක්ෂ 276 ක් ගෙවා ඇති බවටත් පැය දෙක හමාරක කාලයක් තුළ පැවැති මෙම ප‍්‍රසංගයට ඒ අනුව සිංදු කීමට මිනිත්තුවට ලක්ෂ 2 කට වැඩි ප‍්‍රමාණයක් ගෙවා ඇති බවටත් මාධ්‍ය වාර්තා පළවිය.

ගායක භාතිය ජයකොඩි මේ ගැන පිළිතුරක් ලබාදී තිබේ.
ඔහු පවසන්නේ මෙම මුදල් අයකිරීම සිද්ධවූයේ ගීත ගායන කිරීම සඳහා පමණක් යන කතාව අසත්‍යයක් බවයි. මෙම සම්පූර්ණ මුදල එම උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් අය කරන ලද්දක් බව ඔහු පැහැදිලි කර ඇත.
මෙම උත්සවය සංවිධානය කිරීම අන්තර්ජාතික මට්ටමේ ප‍්‍රසංග උත්සව සංවිධානය කටයුතු සිදුකරන “ෂෝ ටයිම් එන්ටර්ටේන්ට්මන්ට් ” නමැති සමාගම විසින් සිදුකළ බවද භාතිය මෙහිදී පවසන අතර තම ආයතනයේ නම හෝ හරි හැටි නොදැන මෙලෙස වැරදි පුවත් ප‍්‍රචාරය සඳහා සාවද්‍ය කරුණු යොදාගැනීම පිළිබඳ සිය කණගාටුව පළ කර ඇත.

කෙසේ වෙතත් ලක්ෂ 276 ක මුදල අය කරන්නට සිදුවූ කාරණා ලෙස ඔහු පෙන්වා දෙන කරුණු පහත පරිදිය.

කිලෝමීටර් තුනක භුමි භාගයක අලංකාරවත් විදුලි ආලෝකධාරාවන් සැපයීම ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කිරීම විශේෂ ආරාධිතයන්ට වර්ෂාවෙන් ආරක්ෂාවන ලෙස ආසන පැනවීම පැමිණි සිටි අති විශාල ජනකායට ආසන පැනවීම LED පුවරු භුමි භාගය පුරාවට මග දෙපස ප‍්‍රදර්ශනය දිය මත පාවෙන ආකර්ශනීය වේදිකාවක් ඉදිකිරිම විදුලි ජනක යන්ත‍්‍ර දොළහක් භාවිතා කිරීම මේ සඳහා නර්තන කණ්ඩායම්, සංගීත කණ්ඩායම්, ගායක ගායිකාවන්ගේ සිට කාර්මිකයන්, රියදුරන් දක්වා විශාල පිරිසකගේ දායකත්වය සහ තවත් සමාගම් වල සේවාවන් ලබාගන්නට සිදුවූ බවත් තම ආයතනය ඉතා පැහැදිලිව සහ විනිවිදභාවයකින් මුදල් ගණන් හිළව් දක්වා තිබුණ බවත් පෙන්වාදෙන ඔහු මේ ගැන කිසිම ආකාරයක පරීක්ෂණයක් හෝ කැඳවීමක් තමන් වෙත ලැබී නැති පසුබිමක පදනම් විරහිත මඩ ප‍්‍රචාර පළවන බවත් ඒවාට නොරැවටෙන ලෙසත් ඉල්ලා සිටී.

භාතිය පවසා තිබෙන විස්තරය පහත වීඩියෝවේ දැක්වේ.

(gossip lanka )

 

භාතියගේ සංගිතෙට ගෝඨා විනාඩියට ලක්ෂ 2 ගෙවලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *