• Tue. Feb 7th, 2023

වරායේ නැටුමෙන් ජැක්සන් ඇන්තනීට ඇඩ්‍රස් නැතිවෙන ළකුණු.

jakata adress ne

ජනප්‍රිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ඉදිරි දිනකදී බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත් අවභාවිතය, බලය අනිසි ලෙස භාවිතා කිරීම් පිළිබඳව සොයා බැලීමට පිහිටවූ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වෙනවා.

හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රාසාංගික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ එකසිය හැත්තෑවකට අධික මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රශ්න කිරීමට ඔහු කැඳවීමට නියමිත බවයි.
මීට පෙර එම උත්සවයේ නර්ථන කණ්ඩායමට එම මුදල ගෙවීම සම්බන්ධයෙන් චන්න-උපුලී නර්ථන යුවල කැඳවා ප්‍රශ්න කරන ලදී.

0023ae6cf3690dd32e5157වරාය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රසංග කටයුතුවල සංවිධායක ලෙස කටයුතු කර ඇත්තේ ජැක්සන් ඇන්තනී විසින් බවත් ඔහු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග ඉතා සමීපව කටයුතු කර සංවේදී කලාකරුවන්ගේ කණ්ඩායමේ ඉදිරියෙන්ම සිට කටයුතු කළ කලාකරුවකුද වෙනවා.

එමෙන්ම ඔහුගේ හෙළ ලංකා සමාගම හරහා ඉකුත් රජයේ ප්‍රසාංගික වැඩකටයුතු රැසක් සිදූ බව ආරංචි මාර්ග සදහන් කරනවා.

මුදල් ගෙවීමට අදාළ ලිපි ලේඛණ මේ වනවිට විමර්ශනය කිරීම කැඳවීම සඳහා කැඳවා ඇති බවත් එම ලිපි ලේඛණ භාරව සිටි නිලධාරියා මේ වනවිට විදේශගතව ඇති අතර ඔහු පැමිණි වහාම එම ලිපි ලේඛණ විමර්ශන කොමිසම වෙත කැඳවීමට නියමිත බවත් සන්දහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *