• Tue. Feb 7th, 2023

කේ.පී. නඩුවේ පූර්ණ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට.

kp

කේ.පී. සතුව නැව් 7ක්, විදෙස් වත්කම්, රත්‍රන්, විදෙස් ගිණුම් පැවැති බවත් රාජපක්ෂ පාලනය තුළ ඒවාට සිදුවූයේ කුමක්ද යන්න හෙළිකරන ලෙසත් කේ.පී. වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් චෝදනා 193ක් සහිතව ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කර ඇති පෙත්සමට අදාළ නීතිපති දෙපාර්තමේන්තුවේ පූර්ණ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.

මෝසමක් මගින් එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහි අඩංගු කරුණු පිළිබඳව මෙතෙක් මාධ්‍යවෙත හෝ පෙත්සම්කාර පාර්ශය වෙත අනාවරණය වී නොමැත.

එම වාර්තාවේ අඩංගු කරුණු අධ්‍යනය කිරීම සඳහා පිටපතක් අවශ්‍ය බව පැමිණිලි පාර්ශය වෙනුවෙන් පෙනීසිටි නීතීඥයින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී ඇත. එය ලබා ගැනීමට අධිකරණය පැමිණිලි පාර්ශවය වෙත අවසර ලබා දුන් බවත් එහි කරුණු පිළිබඳ මාධ්‍ය වෙත අනාවරණය කළ හැක්කේ ඉන් පසුව බවත් එම පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ සුනිල් වටගල මහතා පවසයි.

කේ.පී. සම්බන්ධයෙන් කරුණු අධ්‍යනයකර ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිද යන්න යම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිදෙපාර්තමේන්තුවට නියෝග කර තිබුනද නඩුව කැඳවු අවස්ථා කිහිපයකදීම අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුය අපොහොසත් විය.

කෙසේ නමුත් පසුගිය ගෝස්තු 31වනදා පැවති නඩුවාරයේදී නීතිපතිවරයා අධිකරණයට දන්වා තිබුණේ එතෙක් සිදු කළ පරීක්ෂණවලදී කේ.පී. අත්අඩංගුවට ගැනීමට තරම් වරදක් කර ඇති බවට සාක්ෂි අනාවරණය වී නොමැති බවය.

අද නඩුවාරය සඳහා නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා සහ ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතීඥ ප්‍රියන්ත නාවාන මහතා ඉදිරිපත් විය.

නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තාව සලකා බැලීම සඳහා නොවැම්බර් 12වනදා නැවත නඩුව කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

 

(lankatruth)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *