• Sat. Jan 28th, 2023

භූගත බංකරය හෙළිකිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි.

 

ජනපති මැඳුරේ භූ ගත බංකරjayanath jayaweeraය සම්බන්ධයෙන් මේවන විට මතුව ඇති කතා බහ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කරනවා.

අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එවකට ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගෙන මෙම ‍බංකරය ඉදිකර ඇති බවත්, මේවන විට රටේ ආරක්ෂාව යහපත් තත්ත්වයක පවතින නිසා ඒ ගැන හෙළි කිරීමෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් එල්ල නොවන බවද හෙතෙම පැවසීය.

පසුගිය රජය සමයේ ‍ජනපති මැඳුරේ ඉදිකරන ලද එම භූගත කඳවුර ගැන හෙළි කිරීමෙන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව විපක්ෂය විසින් පසුගිය දිනවලදී රජයට චෝදනාද කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *