එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට එරෙහිව සටන් වැද සිය ශරීරාංග පුදකර ආබාධිත තත්අත්වයට පත්වී සිටින ආරක්ෂක හමුදා රණවිරුවන්ගේ විශ්රාම වැටුප ඔවුන් සේවයේ නිරතව සිටියදී ලබාගත් වැටුප දක්වා වැඩි කිරීමට රජය කටයුතු කරගෙන යන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
ඊට අදාළ මූලික කටයුතු ක්රියාත්මක කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති බවත්, මෙම වැඩ පිළිවෙළ ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම පැවැසීය.
මෙය සෘජුවම විශ්රාම වැටුප වැඩි කිරීමක් ලෙස නොව එක් එක් රණවිරුවා විශ්රාම ගන්නාවිට ලබමින් සිටි වැටුපට සරිලන ලෙස දුබලතා දීමනාවක් ලෙස ලබාදීමට නියමිතව ඇත.
ඒ අනුව අදාළ විශ්රාම වැටුපට ඉතිරි මුදල දීමනාවක් ලෙස එක්කර විශ්රාමික රණවිරුවාට තමා සේවයේ නිරතව සිටියදී ලබාගත් වැටුපට සමාන විශ්රාම වැටුපක් ගෙවීමට රජය කටයුතු කරනු ඇත.
මේ පිළිබඳව පත්කළ කමිටුවේ නිර්දේශ ලැබුණ වහාම මෙම නව විශ්රාම වැටුප් වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බවද ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.
(සිරිමෙවන් කස්තුරිආරච්චි)