උසස් තාක්ෂණික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ගේ (එච්. එන්. ඩී. ඒ.) සියලු ඉල්ලීම්වලට විසඳුම් ලබා දෙන බවට පෙරේදා (29 දා) දින පෙරවරුවේ තමන් ඇතුළු නිලධාරීන් විසින් පොරොන්දුවක් ලබා දුන් බැවින් එම සිසුන්ට විරෝධතා පෙළපාලියක් පැවැත්වීමට කිසිදු උවමනාවක් නැතැයි උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කොට තිබෙනවා.
අදාළ ඩිප්ලෝමාවට උපාධිය මෙන් සමානාත්මතාවක් ලබා දීමට ආණ්ඩුව සූදානම් බව එදින පෙරවරුවේ එම ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ට පැහැදිලි පොරොන්දුවක් දුන් බවත් එහෙත් එය සිසුන් නොතැකුවේ මන්දැයි සොයා බැලීමට සිව් පුද්ගල කමිටුවක්ද පත්කරන බවත් ඇමැතිවරයා ඊයේ (30 දා) සඳහන් කරනු ලැබුවා.
එම ඩිප්ලෝමාවට සමානත්මතාවක් ලබා දී තිබුණත් පසුගිය ආණ්ඩුව විසින් එය අහෝසි කළ බවත්, එය නැවතත් ඇති කිරීම සඳහා අමාත්‍යාංශය දළ කැබිනට් පත්රිකාවක්ද සකසා අදාළ ඩිප්ලෝමාධාරීන්ට රජයේ රැකියාද ලබාදෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ලිපි පවා යවා තිබූ බවද හෙතෙම සඳහන් කළේය.
එහෙත් ඒ කිසිවක් නොතකා එම සිසුන් පෙළපාලි පැවැත්වූයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ‘කොක්කක්’ ඇද ගැනීමට උවමනාවී තිබූ බැවින් බව ද කිරිඇල්ල ඇමැතිවරයා කියා සිටියේය.
මෙම තත්ත්වය සම්බන්ධව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
(අකිත පෙරේරා)
ඇමති අණින් පොලු කැඩෙන තුරු පොලිසිය සිසුන්ට ගහයි
මහින්ද එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් දඩයම් කළා. බංකර් වහ ගන්නත් ආණ්ඩුව අපකීර්තිමත් කිරීමටත් මේ ළමයින්ව පාවිච්චි කළා. වි.විද්‍යාල ළමුන් යනු යමෙකු උසී ගැන්වූ පමණින්ම පාරට පැන බුරා සපා කන පිරිසක් විය යුතුද? අපේ රටේ හරක් වැඩිනෙ. පෙනෙන දෙයක් මිස ඉන් එහාට දකින්න උත්සාහා කරන්නෙ නෑ. දැන් බංකර් අතෑරලා ජනතාව මේක පස්සෙන් යනවා. මහින්ද පාලන සමයෙත් නානසාර එකතු කරගෙන රටට දැනෙන ප්‍රශ්ණ මේ විදියටම වෙන පැති වලට හැරෙව්වා. ඉගෙන ගන්න ළමයි මීට වැඩිය බුද්ධිමත් විය යුතු නොවේද? ඔය ළමයින්ට ගහපු පොලිස් කුක්කො ටිකගේ වැඩ තහනම් කරලා හිරේ දැම්මා නම් හෙට පාන්දරින් ළමයින්වයි පොලීසියයි උසි ගන්වපු මහින්ද උන්ව බලන්න බන්ධනාගාරෙට ඒ. වි
පෙරටුගාමිය මහින්දගෙ බලල් අතක්. ජනාධිපතිවරනෙට ඔන්න මෙන්න තියෙද්දි පිටුවහල් කරපු පෙරටුගාමියෙ ලොක්ක ජවිපෙට කෙලවන්න ලංකාවට ගෙන්නගත්තෙ ගෝඨා.