• Mon. Jan 30th, 2023

rugby world cup final 2015

ලෝක කසලාන රග්බි ඉතිහාසයේ පිට පිට ශූරතාවන් ද්විත්වයක් හිිමි කරගත් පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්තය සමත් විය. ඒ මීට සුළු මොහොතකට පෙර අවසන් වූ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 34-17 ක විශිෂ්ඨ ජයක් ලබමිනි.

 

 

 

 

4060තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වුවද උපක්‍රමශීලී ක්‍රීඩා විලාශයකින් ඔස්ට්‍රේලියානුවන් මෙල්ල කරමින් ඉදිරියෙන් රැදී සිටීමට නවසීලන්තය සමත්වුණා.

 

 

නවසීලන්තය වෙනුවෙන් නෙහෙ මිල්නේ ස්කඩර්, මා නෝනු හා බූඩන් බැරට් උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉන් දෙකක් , දඩුවම් පහර 4 ක් හා ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කර ගැනීමට ඩෑන් කාටර් සමත් විය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් පෝකොක් හා ටැවිටා කුරිඩ්‍රානි උත්සාහක දිනුම් වාර්තා කළ අතර එම ද්විත්වයම හා එක් දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට බර්නාඩ් ෆොලී සමත් විය. අවසන් තරගයේ වීරයා සම්මානය නවසීලන්ත වෙනුවෙන් පාදයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ෆ්ලයි හාෆ් ක්‍රීඩක ඩෑන් කාටර්ට හිමි විය.

තෙවන තැන ලබාගත්තේ දකුණු අප්‍රිකාවයි.

1912 2826 4507 12188941_1007217566008318_4893908322140515102_n CSqcoOYXAAAJdD2 CSqd_opUYAAf9rU CSqdIM0WEAAZKNh

Leave a Reply

Your email address will not be published. Required fields are marked *