• Fri. Feb 3rd, 2023

maithripala sirisenaතායිලන්ත ජනතාවට බුදුන්වහන්සේගේ සර්වඥධාතු වන්දනාමාන කැර ගැනීමට අවස්ථාව ලබා දීම ශ්‍රීලංකා ආණ්ඩුවෙන් ලබා දිය හැකි ඉහළම ත්‍යාගය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

මේ ස්වර්ණමය අවස්ථාව බෞද්ධ දර්ශනය තව තවත් තිව්‍ර කෙරෙන අවස්ථාවක් බවද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා විශාල පරිසකගේ සහභාගිත්වයෙන් මහියංගණ රජමහා විහාරස්ථානයේ තැන්පත් කැර තිබූ ලෝකවාසී ජනතාවගේ ඉමහත් ගෞරව ආරදරයට පාත්‍ර වූ බුදුන්වහන්සේගේ සර්වඥධාතුන් වහන්සේ රැගත් කරඩුව තායිලන්තයේ බැංකොක් නුවර ස්වර්ණභූමි ගුවන් තොටුපළට ඊයේ (1)දහවල් 12.12ට වැඩම කරවූ අවස්ථාවේදීය.

දෙරට අතර පැවැති රාජ්‍ය සහ සංස්කෘතික සබඳතා තවත් ශක්තිමත් කරමින් තායිලන්ත රජයෙන් ලබා දිය හැකි ඉහළම රාජ්‍ය ගෞරව සහිත හමුදා උත්තමාචාර මධ්‍යයේ තායිලන්ත නියෝජ්‍ය අගමැති සොම්කිට් ජතුශ්‍රීපිටක් මහතා විසින් ශ්‍රීලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගත්තේය.

මහනායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි, මහියංගණ රජමහාවිහාරාධිකාරී ඌරුලෑවත්තේ ධම්මකිත්ථි හිමියන් ප්‍රධාන මහාසංඝරත්නය විසින් වැඩම කරන ලද සරවඥධාතුන් වහන්සේ ජනාධිපතිවරයා විසින් ගුවන්තොටුපළේ ස්ථාපිත අලංකාර පීඨිකාවක් මත තැන්පත් කළේය.

අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ජනාධිපතිවරයා කරඬුවට සුවඳ මල් පූජා කළේය.

ශ්‍රීලංකාව සහ තායිලනත්ය අතර පවතින බෞද්ධාගමික පසුබිම දෙරටේ බැඳීම තවත් ශක්තිමත් කිරීමට හේතුවන බව තායිලන්ත නියෝජ්‍ය අගමැති සොම්කිට් ජතුශ්‍රීපිටක් මහතා එහිදී පැවැති කෙටි උත්සව සභාව අමතා කීවේය.

බුදුසසුනේ චිරස්ථිතිය සඳහා සියලු පරිත්‍යාග කිරීමට තායිලන්ත ජනතාව සූදානම් බව නියෝජ්‍ය අගමැතිවරයා කීය.

ඊයේ තායිලන්යට වැඩම කරන ලද සර්වඥධාතු කරඩුව අද(2)දා තායිලන්ත ජනතාවගේ වන්දනාමානයට පුට්ටමොන්තන් කරා රැගෙන යෑමට නියමිතය.

අනතුරුව මේ මස 16 වෙනිදා දක්වා එය තායිලන්ත ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා එය විවෘතව තැබේ.

ශ්‍රීලංකාවේ සිට වැඩම කැර තායිලන්තයේ තැන්පත් ‍කැර තිබූ සමාධි බුද්ධ ප්‍රතිමා අනුරුව අයෝධ්‍යාවල තැන්පත් කිරීමේ කටයුතුද මීට සමගාමීව සිදු විය.

ශ්‍රීලංකා -තායිලන්ත සබඳතා ශකත්මත් කෙරෙන දෙරටේ සංස්කෘතික අංගයන් සමන්විත උළෙලක් ඊයේ සන්ධ්‍යාවේ තායිලන්තයේදී පැවැතිණි.

මෙම සිවුදින සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා තායිලන්ත අගමැතිවරයා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

තායිලන්ත වාණිජ සහ කර්මාන්ත බැංකු පිළිබඳ තායිලන්ත ඒකාබද්ධ ස්ථාවර කමිටුව විසින් සූදානම් කරන ලද ව්‍යාපාරික හමුවක් සහ තායිලන්ත රැජිණ හමුවීමටද නියමිතය.

ජනාධිපතිවරයාගේ මේ සංචාරය තායිලන්ත අගමැතිවරයාගේ ආරාධනයකට අනුව සිදු විය.

විදේශ ඇමැති මංගල සමරවීර, ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයාගමගේ , දකුණු ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාර , දකුණු මහ ඇමැති ශාන් විජයලාල්ද සිල්වා, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, ශ්‍රීලංකා තායිලන්ත තානාපතිනි ෂෙනුකා සෙනෙවිරත්න, ප්‍රධාන දෙරටේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වී සිටියහ.

 

(දිනමිණ)

One thought on “ස්වර්ණ භූමි සර්වඥ ධාතු පූජාව”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *