පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබියදී ඔවුන්ට අවි පුහුණුවක් සමඟ ගිනි අවියක් ලබාදීම කිසිසේත්ම අවශ්‍ය නොවන බව නිවාස සහ සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරුන්ට ලබා දිය යුත්තේ ගිනි අවියක් නොවෙයි සංවර්ධන අවියක් යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි. මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.
මන්ත්‍රීවරුන්ට ගිනි අවි ලබාදීම පසුගිය ආණ්ඩු යටතේ සිදුකළ අනවශ්‍ය ක්‍රියාවක්. ඒ අනවශ්‍ය ක්‍රියාව යහපාලන ආණ්ඩුව යටතේත් ක්‍රියාත්මක නොවිය යුතුයි.
මම ජනාධිපතිතුමාගෙන් මෙන්ම අගමැතිතුමාගෙන් දැඩිව ඉල්ලා සිටිනවා මන්ත්‍රීවරුන්ට ගිනි අවි පුහුණුව ලබාදීම මෙන්ම ඔවුන්ට ගිනි අවියක් ලබාදීම වහාම නතර කරන්න කියලා.
ඒ වගේම පාර්ලිමේන්තුව තුළත් මම විශාල හඬක් නඟන්න බලාපොරොත්තු වෙනවා. මන්ත්‍රීවරුන්ට ගිනි අවි ලබාදීම නතර කරන්න.
පාතාල සාමාජිකයෝ කුඩුකාරයො, ජාවාරම්කාරයො, මිනීමරුවො ගිනි අවි පාවිච්චි කරනවා. මන්ත්‍රීවරුන්ට ගිනි අවි ලබාදීමෙන් වැරදි පූර්වාදර්ශයක් දෙනවා.
නවක මන්ත්‍රීවරුන්ට ලබාදෙන්න ඕනෙ ගිනි අවි පුහුණුවක් නොවෙයි රටේ සංවර්ධනය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව පුහුණුවක් යෑයි ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
https://www.facebook.com/apearata/videos/863159220458547/?video_source=pages_finch_thumbnail_video