රට තුළ නිදහසත්, ප්රජාතන්ත්රවාදයත් තහවුරු වී ඇති බැවින් නැවත මාතෘ භූමියට පැමිණ සිය සේවය උපන් රට වෙනුවෙන් දෙන ලෙස ජනාධිපතිවරයා තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික බුද්ධිමතුන්ට ඇරයුම් කළේය.ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්බ කර වසර අටක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට සහභාගි වීම සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගෙන් ලද විශේෂ ආරාධනය පරිදි තායිලන්තයේ සිව් දින නිලසංචාරයක නිරත ජනාධිපතිවරයා පෙරේදා (01) පස්වරුවේ තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග පැවැති හමුවකදී මෙම ආරාධනාව කළේය.
තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විය සංවිධානය කර තිබූ මෙම හමුවට එරට වෙසෙන ව්යාපාරිකයෝ් වාණිජ මණ්ඩල සාමජිකයෝ සහ විශ්වවිද්‍යාල සිසුහුද එක්ව සිටියහ. ඔවුන් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනතාවට ලැබිය යුතු සියලු අයිතීන් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම වැනි පසුබිම සමග අද ශ්‍රී ලංකාව තුළ සියලු ක්ෂේත්රයන්හි නිදහසේ කටයුතු කිරීමට ඇති අවස්ථාව පුළුල් වී ඇති බවයි.
එමෙන්ම රට තුළ ස්ථාපිත වී ඇති නිදහස සහ වරප්‍රසාද තුළ සියලුදෙනාට බිය සැක නොමැතිව කටයුතු කිරීමේ අවස්ථාව උදා වී ඇති බවද ජනාධිපතිවරයා පැවැසීය.
අද තායිලන්තය උදාකරගෙන තිබෙන වේගවත් සංවාර්ධනය සෙසු රටවල ද ඉතා ආදර්ශවත් බව ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.
නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී රට තුළ ස්ථාපිත කළ යුතු පහසුකම් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ප්‍රශ්න කළ අතර, එහිදී විශ්වවිද්‍යාල සිසුන් ප්‍රකාශ කළේ නව නිපැයුම් සඳහා අවශ්‍ය පරිසරය රට තුළ නිර්මාණය කර දෙන ලෙසයි.
එමෙන්ම තායිලන්තය තුළ තමන් ලද තාක්ෂණික දැනුම ප්‍රයෝජනවත් ලෙස භාවිත කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් තාක්ෂණික පහසුකම් පුළුල් කර දෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගුවන් සේවා සබඳතා පුළුල් කර ගැනීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව ජනාධිපතිවරයා දැනුවත් කළහ.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍ය දයා ගමගේ. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු ද එක්ව සිටියහ.