ශ්‍රී ලංකාවේ අද පවත්නා ආයෝජන හිතවාදී ආර්ථික ක්‍රමය තුළ විදේශ ආයෝජන සඳහා පහසුකම් සැලසීමේදී විශේෂ අවධානයක් යොමු කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයේ අද පෙරවරුවේ බැංකොක් නුවර පැවැති ශ්‍රී ලංකා තායිලන්ත වෙළඳ සමුළුව අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.
දෙරට අතර පවතින ආයෝජන ක්‍රමවේද හොඳින් හඳුනාගතයුතුවන අතර එහිදී ප්‍රධාන වශයෙන් කෘෂි කාර්මික නිෂ්පාදන, සංචාරක ව්‍යාපාරය, යටිතල පහසුකම්, විදුලි සංදේශ ඇතුළු අංශ ප්‍රවර්ධනය කළයුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සහභාගී වූ තායිලන්ත උප අගමැති Sඔම්කිඩ් ලටුස්රි පිටක් අදහස් පළ කරමින් තිරසාර සංවර්ධනය උදෙසා ස්ථිර වැඩපිළිවෙළක් පැවතිය යුතු බව සඳහන් කළ අතර එහිදී ඩිජිටල් තාක්ෂණය සමග වෙෙළඳපොළ කළමනාකරණය වියයුතු බව සඳහන් කළේය. එමෙන්ම දෙරටේ ආර්ථික සංවර්ධනය උදෙසා එකමුතු වී කටයුතු කිරීම තුළ දෙපාර්ශ්වයටම සාර්ථකත්වය උදාකර ගතහැකි වන බවද තායිලන්ත උප අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා, තායිලන්ත ව්‍යාපාරිකයින් පිරිසක් ද සහභාගී වූ අතර තායි ශ්‍රී ලංකා වෙෙළඳ සංගමය විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිරිනමනු ලැබීය.
මීට සමගාමීව තායිලන්ත ඉහළපෙළේ ආයෝජකයින් පිරිසක් සමඟ ද ජනාධිපතිතුමා ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳව සාකච්ඡාවක නිරත විය.
එහිදී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙරටෙහි හෝටල් ඉදිකිරීම සඳහා කටයුතු කිරීමට ක්‍රියාකරන බවද ධීවර සහ සීනි කර්මාන්ත අංශයන් සඳහා ආයෝජනය කිරීමට ක්‍රියාකරන බවද තායිලන්ත ව්‍යාපාරිකයින් සඳහන් කළේය.
එමෙන්ම රථවාහන අමතර කොටස් මෙරටට ගෙන්වීම සඳහා ද ඔවුන් සිය දායකත්වය ලබාදෙන බවද සඳහන් කළේය.
මෙහිදී දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍ය දයා ගමගේ මහතාද අදහස් දැක්වීය.
ශ්‍රී ලංකාවෙන් වැඩම කරවන ලද සමාධි බුද්ධි ප්‍රතිමා අනුරුවක් තායිලන්තයේ අයුත්තියා ප්‍රදේශයේ පිහිටි තම්මලාන් විහාරස්ථානයේ තැන්පත් කිරීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ජනාධිපතිතුමා විසින් එම විහාරස්ථානයේ පිහිටි කෞතුකාගාරය නිරීක්ෂණය කළ අතර එහිදී තායිලන්ත පාසල් සිසුන් ඇතුළු පිරිස විසින් ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් පිරිනැමිණි.
[…] විදේශ ආයෝජකයින්ට හිතවාදී පරිසරයක් […]