මේ කාලේ ලෝක දේශපාලනය තුළ වැඩිපුර කතාබහට ලක්වන චරිතයක් තමයි වීලැඞ්මියර් පුටින්. ඒ ඔහු රුසියාවේ ජනාධිපති නිසා විතරක්ම නෙමෙයි.දේශපාලන වශයෙන් තීරණ ගැනීමේදී ඔහුගේ තියෙන සෘජු බව නිසා පුටින් කොච්චර ප්‍රසිද්ධ කෙනෙක් වුණත් ඔහුගේ පෞද්ගලික තොරතුරු නම් වැඩිය ප්‍රසිද්ධ නැහැ.මේ කතා කරන්න යන්නේ පුටින් ගේ දියණියන් දෙදෙනා ගැන.ඒ කියන්නේ මාරියා පුටින් සහ යෙකැටරිනා පුටින් ගැන
මාරියා පුටින්
මාරියා පුටින් කියන්නේ වයස අවුරුදු 30 ක තරුණියක්. අවුරුද්දකට කලින් විතර ඇය රුසියානු ජාතික ව්යපරයෙකු වුණු ජෝරිට් ෆාසන් එක්ක විවාහ වුනා.මාරියා රුසියාවේ ප්‍රබලම පුද්ගලයාගේ දියණිය වුණත් ඇය බොහොම සාමාන්‍ය කෙනෙක් විදියටයි ජීවත් වන්නේ. ඇයට පෞද්ගලික ආරක්ෂකයන් පවා නැහැ. ඒ වගේම ඇය උසස් අද්යාපනය නිම කරලා මේ වෙද්දී මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ රැුකියාවක නිරත වෙනවා.
ගුවන් අනතුරක්
ඒ වගේම 2014 අවුරුද්දේ ජුලි මාසේ සිදුවුණු ගුවන් අනතුරකින් ඇය මියගියා කියලා විශාල ආන්දෝලනයක් රුසියාව පුරා පැතිරුණා.එත් ඇය ඒ ගුවන් යානයට පෙර ගුවන් ගත වුණු වෙනත් ගුවන් යානයකින් බටහිර නෙදර්ලන්තයේ වුස්ජෝටින් බලා ගමන් කර තිබු බව පසුව දැනගන්න ලැබුණා.මේ ගුවන් අනතුර ගැන දැනගත්ත වෙලාවෙම ඇය ආපසු රුසියාව බලා පැමිණ තිබුණා.මගීන් 193 දෙනකුගේ ජීවිත අහිමි වුණු මේ ගුවන් අනතුර ගැන ඇය අතිශය කම්පා වුනා විතරක් නෙමෙයි මේ ගැන වගකීම රුසියානු ජනපති ඒ කියන්නේ එයාගෙම තාත්තා භාරගන්න ඕනෙ කියලත් ප්‍රසිද්ධියේ කියා තිබුණාය.
අවසාන ප්‍රමාදය
ඇය හා සම්බන්ධ තවත් සිදුවීමක් පසුගිය දවසක සිදුවුණා.රුසියාවේ කුඩා නගරයක නගරාධිපතිවරයෙක් මුණගැහෙන්න ඕනෙ වෙලා මාරියා ඔහුගේ කාර්යාලයට ගියා.නමුත් නගරාධිපතිවරයා කාර්යාලයේ ඉදලා නැහැ.ඔහු කාර්යාලයට එනතුරු පැය දෙකක් විතර බලාගෙන ඉන්න ඇයට සිද්ධවෙලා තිබුණා.නමුත් ඇය පුටින්ගේ දියණියක් කියලා කිසිම කෙනෙක් දැනගෙන ඉදලා නැහැ.කොහොම හරි නගරාධිපතිවරයා ආවට පස්සෙ තමාගේ ප්‍රමාදය ගැන ඔහු ඇගෙන් සමාව ඉල්ලලා.ඒ වෙලාවේ ඇය සමාව දීල තියෙන්නේ මේ ප්‍රමාද වීම ජීවිතයේ අවසාන ප්‍රමාද වීම විය යුතු බවට කොන්දේසියකුත් පනවලයි.
බාල දියණිය
පුටින් පවුලේ බාල දියණිය යෙකැටරිනා පුටින්.ඇගේ වයස අවුරුදු 29ක් . මේ අක්කයි නංගියි දෙන්නා අතර වයස් පරතරය අවුරුද්දයි මාස හතරක් විතර වෙනවා.යෙකැටරිනා ඉතාම දක්ෂ රොක් ඇන්ඞ් රෝල් නර්තන ශිල්පිනියක්.ඒ විතරක් නෙවෙයි එයා සහකාර විද්‍යාඥයවරියක්.මේ වෙද්දී ඇය මොස්කව් විශ්වවිද්‍යාලයේ සේවය කරනවා.ඇයත් අක්කා වගේම තමන්ගේ තාත්තා රුසියාවේ ජනාධිපති වීම ගැන හිස උදුම්මවා ගත් කෙනෙක් නෙවෙයි.
සමාජශීලියි
පුංච් කාලේ ඉදලම ඇගේ මුළු ජීවිතයම වෙලා තිබුනේ නර්තනය සහ අද්යාපනය.ඉතින් මේ වෙද්දී ඇය ඒ දෙකෙන්ම ඉදිරියට ගිහින් තියනවා.ඒ වගේම ඇය රොක් ඇන්ඞ් රෝල් නර්තන තරගයකින් දිනලා ලබා ගත්ත ඇමරිකන් ඩොලර් දසදහසක මුදල රුසියාවේ අඩු අධ්‍යාපනලාභී දරුවන්ගේ අද්යාපනය වෙනුවෙන් වැය කර තිබෙනවා.ඒ 2012 අවුරුද්දේ. මාරියා එක්ක බලද්දි යෙකැටරිනා ඒ තරම් සමාජශීලි කෙනෙක් නෙවෙයි.එකට හේතුව විදියට යෙකැටරිනා කියන්නේ යාළුවො වැඩි වුණාම ගමන් බිමන් වැඩි වෙනවා. කාලය අඩු වෙනවා.මම දවස ප්ලෑන් කරලා තියෙන විදියට යාළුවො එක්ක විනෝද වෙන්න මට මාසෙටම තියෙන්න දවස් දෙකයි.ඒ නිසා ඉස්සර හිටපු ගොඩක් යාළුවො දැන් මට නැහැ.එත් මම ඒ ගැන දුක් වෙන්නෙ නැහැ කියලයි.
යෙකැටරිනා මාරියා තරම් විලාසිතා වලට බර නැහැ.එත් රොක් ඇන්ඞ් රෝල් තරග වලට යද්දී නම් ඇයව පරදන විදියේ විලාසිතා කරන්න මාරියට බැහැ.මේ අක්කයි නංගියි දෙන්නා ගැන විලැඞ්මියර් පුටින් දරන්නේ ටිකක් වෙනස් අදහසක්.මම රුසියාවේ ජනාධිපති වුණාට මගේ දුවලා දෙන්නා සාමාන්‍ය දෙන්නෙක්.එයාලට මම නිදහස දුන්නේ අවුරුදු දාසය පිරෙද්දීමයි.එයාලා කැමති රැුකියා කරන්න විතරක් නෙමෙයි කැමැති සහකරුවන් තෝරා ගන්න එකත් එයාලගේ වැඩක් හැබැයි මම දේශපාලනයේ රැුඳී ඉන්නකන් ඒ දෙන්නට දේශපාලනය සම්පුර්ණයෙන්ම තහනම්.එයාලා දේශපාලනයට එන්න කැමැත්තක් දක්වනවා නම් දේශපාලනයෙන් අදම වුණත් සමුගන්න මම දෙපාරක් හිතන්නේ නැහැ කියලයි.කොහොම වුණත් මාරියා සහ යෙකැටරිනා නම් කවදාවත් දේශපාලනයට එන්න අදහසක් නෑ කියල තමයි ඒ අය කියන්නේ.
(katayamaweb)