• Sun. Jan 29th, 2023

ලොවක් දිනූ විශිෂ්ට ඇදුරෙක් නිහඬව නික්ම යයි

mahalingam

එංගලන්තයේ රෝල්ස් රොයිස් සමාගමේ ඇවුරෝ ජෙට් එන්ජිමේ හටගත් දෝෂය සකස් කිරීම වෙනුවෙන් තමන්ට හිමි වූ කිසිදු ප්‍රතිලාභයක් ලබා නොගෙන පේරාදෙණිය සරසවියේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු වෙනුවෙන් එම සමාගමෙන් ජෙට් එන්ජිමක් පමණක් ලබා ගත් මහාචාර්යවරයකු වූ සෙල්වදුරෙයි මහාලිංගම් මහතා පසුගිය 03 වනදා යාපනය පෞද්ගලික රෝහලකදී අභාවප්ප්‍රප්ත වී තිබේ.

මිය යන විට ඔහු අනූ වැනි වියේ පසු වූ සෙල්වදුරෙයි මහාලිංගම් මහතා බාහිර ශිෂ්‍යයකු ලෙස ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය පළමු පෙළ සමාර්ථයක් ලබා ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්ය මණ්ඩලයට 1952 වසරේදී සම්බන්ධ වී 1991 වසරේදී මහාචාර්යවරයකු ලෙස විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාම ගෙන තිබේ.

සෙල්වදුරෙයි මහාලිංගම් මහතා සිය ඉංජිනේරු විෂය සම්බන්ධයෙන් ඇති විෂය ප්‍රවීණතාවය නිසා ලොව පුරා කර්මාන්ත ක්ෂේත්‍රයේ මතු වූ ගැටලු නිරාකරණය කර ගැනීම වෙනුවෙන් දායකත්වය ලබා දී තිබේ. එතුමා පිළිබඳව ලොව පුරා කතාබහට ලක් වන්නේ ඇවුරෝ ජෙට් එන්ජිමේ හටගත් දෝෂය නිවැරදි කිරීමට සිදු කළ සේවය වෙනුවෙන් කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයක් ලබා නොගැනීමත් සමගය.

mahalingam-iiමෙරට ඉංජිනේරු විෂය හදාර සිසුන්ගේ ප්‍රයෝගික දැනුම සඳහා එම සමාගමෙන් ජෙට් එන්ජිමක් පමණක් ලබා ගැනීමට තරම් එතුමා නිහතමානී වීමත් ඔහු මෙරට ඉංජිනේරු සිසුන් වෙනුවෙන් සිදු කළ සේවයත් පැසසිය යුතුව තිබේ. තමන්ට ලබා ගත හැකිව තිබූ අතිවිශාල පුද්ගලික ප්‍රතිලාභයන් පසෙකලා කටයුතු කළ මෙම විද්වතා වෙනුවෙන් මෙරට බලධාරීන්ගේ ප්‍රමාණවත් අවධානයක් යොමු වූවාද යන්න පිළිබඳව ඇත්තේ විශ්මයක් පමණි.

අභාවප්‍රාප්ත සෙල්වදුරෙයි මහාලිංගම් මහතාගේ අවසන් කටයුතු ඊයේ (04) පස්වරුවේ යාපනය අලවෙඩ්ඩිහිදී පැවැත්විණි.

mahalingam-i

Leave a Reply

Your email address will not be published. Required fields are marked *