• Fri. Jan 27th, 2023

විමල් ගෝලයන් 45කට නිකන් පඩි ගෙව්වේ මෙහෙමයි..!

රජයේ විගණන නීති ශත පහකටවත් මායිම් නොකරමින් විමල් වීරවංශ අමාත්‍ය ධූරය දරන කාලයේ සිය ගෝල බාලයින්ට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සාවද්‍ය තොරතුරු ඇති බවට ලේඛණ සකසා වැටුප් ගෙවා තිබෙන බැව් හෙළිවී තිබෙනවා.මෙම ගෝල බාලයින් බහුතරයක් විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ සංවිධායකවරු වන අතර සමහරු ඔහු විසින් පවත්වාගෙන යන මඩ වෙබ් අඩවියක මඩ පුවත් ලියන්නෝ වෙති.

මෙම 45 දෙනා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට බඳවාගෙන ඇත්තේ ඉංජිනේරු සංස්ථාවට අදාල නොවන තනතුරු වලටය. එනම් දීප ව්‍යාප්ත අලෙවි සංවර්ධන හා ප‍්‍රචාරක නිළධාරීන් ලෙසය. ඔවුන් 2010 වසරේ සැප්තැම්බර් මස සිට 2014 වසරේ දෙසැම්බර් මාසය දක්වා වසර හතරකුත් මාස හතරක් ඉංජිනේරු සංස්ථාවේ වැටුප් අතිකාල හා අනෙකුත් දීමනා හා වාහනද ලබාගෙන ඇත. එහෙත් මේ සියළුම පිරිස ඉංජිනේරු සංස්ථාවේ කිසිඳු කාර්යාලයක හෝ වැඩ බිමක සේවය කර නොමැත.
මෙසේ මහජන ධනයෙන් පිං පඩි ලබා ගත් පිරිස අතර සූරිය වැව ප‍්‍රාදේශීය සභාවේ සභාපති වරයා හා ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභිකයෙකු වන සුජිත් මුතුකුමාරණද සිටී. ඔහුගේ සේවා අංකය M170442 වේ. ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු හා වීරවංශගේ කැප්පෙටිපොල තරුණ ව්‍යාපාරයේ ජාතික සංවිධායක වන කේ. ඒ. සුසිල් සමන්ත කුමාරසිංහද සිටී. ඔහුගේ සේවා අංකය M171009 වේ. පසුගිය ජනාධිපතිවරණ සමයේ සිරිකොතට එල්ල වූ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ ප‍්‍රහාරය මෙහෙයවූයේද මේ පිං පඩි සුසිල්ය.

එසේම මෙකී සුසිල් සමන්තව 2011-06-22වන දින ඉංජිනේරු සංස්ථාවට අනුබද්ධ ඉක්ටෑඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර තිබෙන අතර ඔහුගේ ලිපිනය ලෙස සඳහන් වන්නේ “කිරි ශීත කිරීමේ මධ්‍යස්ථානය, මිල්කෝ පුද්ගලික ආයතන, එරගම පාර අම්පාර” යනුවෙනි. ඉංජිනේරු සංස්ථාවට අනුබද්ධ ආයතනයක අධ්‍යක්ෂවරයෙකු වුවත් මොහු රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරා අසමත් වූ අයෙකි.
රට බේරා ගැනීමට යැයි කියමින් පැය විසි හතරම දඟලන විමල් වීරවංශ මේ වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට හෝ ඇමතිවරයෙකුට කිසි දිනක තම වැටුපෙන් උපයා ගත නොහැකි ධනස්කන්ධයකට උරුමකම් කියන්නේ මෙවැනි කූට ජාවාරම් නිසා බව හෙළිදරවු වී තිබේ.

ඉහත වැටුප් ගෙවූ අයගේ ලේඛණය මේ සමග පළ කෙරේ.

170475 පී. ආර්. එස්. තිලකරත්න
170497 පී. පී. ඩී. වෛද්‍යසේකර
170518 එම්. ශාන්ත
170529 එච්. ඒ. විජේසිංහ
170530 ජී. එම්. පී. පී. සිල්වා
170958 බී. ජී. කුසුම්පාල
170970 එම්. එම්. ප‍්‍රියලාල්
170981 එන්. ඒ. වී. සේනාරත්න
171032 ජී. ආර්. ඒ. බිම්සර
171054 කේ. එම් ආර්. පේ‍්‍රමතිලක
171065 පී. ජී. සී. ධර්මරත්න
171087 ඒ. ඒ. එන්. බී. විමලසිරි
171098 වී. ඩී. සී. කුමාර
171780 එන්. ඩී. දැඩිගම
171832 එන්. එස්. එම්. ඩී. බණ්ඩාර
171845 ඩබ්. කේ. සී. ටී. විජේනායක
171856 එස්. ඒ. එස්. බී. එස් මිනුවන්ගමුව
171890 එස්. කේ. ඩී. දහනායක
172798 එම්. පී. ඩබ්. එස්. ගනේගොඩ
172808 කේ. වී. අයි. ප‍්‍රියංගනී
172831 එම්. එන්. ගුණවර්ධන
179940 සී. එච්. එච්. කේ. එස්. චන්ද්‍රසිරි
181255 ඞී. ඒ. එස්. කේ. ජයසේකර
181266 එල්. ඒ. ඞී. සී. ප‍්‍රියංකර
181277 එච්. එම්. එන්. ශ‍්‍රියාලතා
181288 බී. ජී. ඞී. ගුණසේකර
181299 කේ. එච්. බී. වයි. බණ්ඩාර
182483 වයි. ජී. සී. පී. යාලිංග
185088 කේ. ඒ. විජේදාස
185099 එම්. ඒ. අයි. රංජිත්
186623 ජේ. ඒ. සුනන්ද
186634 ජී. ඒ. ලක්ෂ්මන්
187235 කේ. එම්. එස්. කුරුවිතානගේ
187246 යූ. එල්. එන්. එච්. රත්නායක
187268 ඩබ්. ඩී. ධම්මික
187280 එච්. ඒ. පී. සංජීව
187301 එච්. එම්. එන්. එස්. බණ්ඩාර
188045 ඩබ්. ඒ. ආර්. ආර්. කුමාර
189602 එම්. සී. ආර්. ප‍්‍රනාන්දු
190800 ආර්. ජී. පී. එන්. පුෂ්පකුමාර
190965 ටී. ජී. එල්. දේශාන් විජේසිංහ
192563 එෆ්. එම්. මුයීන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *