‘පාවෙන අවි ගබඩා’ සිද්ධිය පිළිබඳ කතාබහ කිරීමට ඇවන්ට්ගාඩ් හිමිකාර මේජර් නිශ්ශංක සේනාධිපති මහතා කිසිඳු අවස්ථාවක තමා හමුවීමට නොපැමිණි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධාරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශයක් කරන බවද ජනාධිපතිවරයා පවසා ඇත.
පාවෙන අවි ගබඩාව සම්බන්ධ සම්බන්ධයෙන් පෙරේදා (04) පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කර තිබු ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා එ බව සඳහන් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැස්වීමට ඇවන්ට්ගාඩ් හිමිකාර මේජර් නිශ්ශංක සේනාධිපති මහතා පසුගිය ජනවාරි 10දා උදැසන ජනාධිපතිවරයාගේ නිවසට රැගෙන ගිය බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා තමා සමග පැවසු බව අනුර දිසානායක මහතා පැවසිය.
කෙසේවුවද ඒ අවස්ථාව වනවිට ‘පාවෙන අවි ගබඩා’ සිද්ධියක් අන්දොලනට ලක්ව නොතිබිණ.