• Mon. Feb 6th, 2023

ආණ්ඩුව සතියෙන් කෝටි දෙදාහක් සෙවූ බද්ද.

finance ministry sri lanka

පසුගියදා සම්මත කරගත් සුපිරි වාසි බද්දෙන් සතියක කාලයක් තුළ රජය රුපියල් කෝටි දෙදහසක් (බිලියන 20ක්) උපයාගෙන ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඉකුත් අයවැය මගින් සම්මත කළ මේ බද්ද බල පැවැත්වෙන්නේ රුපියල් කෝටි 200කට (මිලියන 2000) වඩා වැඩියෙන් අදායම් උපයන සමාගම් සඳහාය.
මෙරට සමාගම් 100කට වැඩි ප‍්‍රමාණයක් සුපිරි වාසි බද්ද ගෙවිය යුතු බව ද මේ අතර වාර්තා වේ.
මේ බද්ද ගෙවනු ලබන්නේ මුල්‍ය, බැංකු, රක්ෂණ, බහුජාතික, මත්පැන් නිෂ්පාදන හා ඇඟලූම් කර්මාන්ත ශාලා බව පැවසේ.
රජය සුපිරි වාසි බද්දෙන් රුපියල් කෝටි පන්දහසක් උපයා ගැනීමටයි සැලැසුම් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *