නීතිය හා සාමය ඇමැති තිලක් මාරපන මහතා එම ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
අද පෙරවරු 10ට ඒ මහතා නිවසේ විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා ඇතැයිද වාර්තා වෙමවා.
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් මාරපන මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකට කැබිනට් ඇමැතිවරු සහ සිවිල් සංවිධාන නායකයෝ විරෝධය පළ කළකර අතර,
‘ඇවන්ගාඩ් අවි ගබඩාව පරීක්ෂා කළේ පොලිසිය ලකුණු දමා ගැනීමට‘ යැයි මාරපන මහතා පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද විශේෂ කැබිනට් රැස්වීමක් ද කැඳවා තිබිණි.
මේ අතර ඇවන්ගාඩ්හි නීති උපදේශකවරයා ලෙස ද කටයුතු කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටින නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ සාකච්ඡා කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පසුගියදා පැවසීය.
සාධාරණ සමාජයක් බිහි කර ගැනීම වෙනුවෙන් නොනැවතී සටනක නියැළුණු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීමත් සමග තිලක් මාරපන මහතාට එරෙහි විරෝධය තවදුරටත් උත්සන්න වී ඇත.