ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගේ ආදාහනය සිදුවන නොවැම්බර් මස 12 වන දින දිවයින පුරා මස් මංශ කඩ හා සුරාසැල් වසා තබීමට නියමිතයි
කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ එදින කොළඹ දිස්ත්‍රීක්කයේ සියලුම සිනමා ශාලාද වසා තැබෙන බවයි.
මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අධ්‍යාපන කලාපයට අයත් පිරිවෙන් හා සියලුම පාසල් (10-11 ශ්‍රේණි හැර) වසා තැබෙයි.
10-11 ශ්‍රේණි සඳහා වාර විභාග පැවැත්වෙන බැවින් එම ශ්‍රේණි වෙනුවෙන් පමණක් පාසල්වල විභාග කටයුතු සිදුවනු ඇති.