• Tue. Feb 7th, 2023

srilanka and thailandශ්‍රී ලංකාවේ විදේශ සබඳතා යනු ශ්‍රී ලංකාව, ලෝකයේ අනෙකුත් රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්, වාණිජ වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන් ඇතිකර ගන්නා සම්බන්ධතා හඳුන්වන නාමය වේ. වර්තමාන ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ, නොබැදි විදේශ ප්‍රතිපත්තියයි.පසුගිය පාලන සමයේ අපේ රට මෙම නොබැඳි විදේශ ප්‍රතිපත්තියෙන් දුරස් වූවද ජනවාරි අට වෙනිදා සිදුවූ නව පරිවර්තනිය වෙනසත් සමඟින් නැවත වතාවක් ශ්‍රීලංකාව නිවැරැදි මගට පිවිස තිබෙනවා.

සීතල යුද්ධය අවසාන වීමත් සමග, ලෝකයේ බලවත් රටවල් සහ අනෙකුත් රාජ්‍යයන් සමග, සිය ආර්ථික සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්, සමීප සහ ශක්තිමත් සබඳතා ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව පෙළඹුණි. ඒ අනූව ඉන්දියාව, බංග්ලාදේශය, රුසියාව, තායිලන්තය,එක්සත් ජනපදය, චීනය, පාකිස්තානය, ජපානය, මලයාසියාව, දකුණු කොරියාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් සමග වර්ථමාන ශ්‍රී ලංකාව සමීපව කටයුතු කරයි. මීට අමතරව ආසියාන්, අප්‍රිකානු සංගමය සහ අරාබි ලීගය වැනි සංවිධාන සමගද කිට්ටු සහයෝගීතාවයක්, ශ්‍රී ලංකාව පවත්වා ගෙන යනවා.

12187964_10153621842301327_1259082610218449213_o

තායිලන්තය ආසියාවේ තිබෙන විශිෂ්ටතම ථෙරවාදී බෞද්ධ රාජ්‍යක්. එහි රජතුමා බෞද්ධයෙක් එතුමා බුදුසසුනේ දියුණුවට විශාල මෙහෙයක් සිදුකරනවා.ශ්‍රීලංකාව සහ තායිලන්තය අතර ආගමික සබඳතාවය පිළිබද ඉතිහාසය ශතවර්ෂ ගණනාවක් පුරා විහිදී පවතින්නකි.මහනුවර යුගයේ පරිහානියට පත් ලක් බුදුසසුන යළි නගා සිටුවීම සඳහා තායි දේශයෙන් ලැබුණ සහාය නොකැඩී නොනැසී අදද පවතී. මේ නිසා හැම වසරකම තායි රජතුමා කඨින සිවුරක් ලංකාවටත් එවන බවත් සඳහන්.වසරේ සෑම පොහෝදිනකම වාගේ තායි බෞද්ධයෝ ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගන්න පැමිණෙන බවත් සඳහන්.

12186292_10153620007701327_2717564617558531523_o

 

 

එමෙන්ම තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාවයට 60 වසරක් පිරීම නිමිත්තෙන් එරට තායිලන්ත අගමැතිවරයාගෙන් ලැබුණු ආරාධනාවක් පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගියදා එරට සංචාරයකද නිරත වී ශ්‍රීලංකාව සහ තායිලන්තය අතර සමාජිය,සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතාවය නැවත වතාවක් ශක්තිමත් කරගනු ලැබුවා.

 

 

ස්වර්ණ භූමි සර්වඥ ධාතු පූජාව

maithripala-sirisenaමහනායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි, මහියංගණ රජමහාවිහාරාධිකාරී ඌරුලෑවත්තේ ධම්මකිත්ථි හිමියන් ප්‍රධාන මහාසංඝරත්නය ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් වහන්සේලා විශාල පරිසකගේ සහභාගිත්වයෙන් මහියංගණ රජමහා විහාරස්ථානයේ තැන්පත් කැර තිබූ ලෝකවාසී ජනතාවගේ ඉමහත් ගෞරව ආරදරයට පාත්‍ර වූ බුදුන්වහන්සේගේ සර්වඥධාතුන් වහන්සේ රැගත් කරඩුව තායිලන්තයට වැඩමවා බුදුන්වහන්සේගේ සර්වඥධාතු වන්දනාමාන කැර ගැනීමට අවස්ථාව තායිලන්ත වැසියන්ට ලබාදීමත් මෙම සංචාරයට සමගාමීව සිදුවිය.
ශ්‍රී ලංකාව සහ තායිලනත්ය අතර පවතින බෞද්ධාගමික පසුබිම දෙරටේ බැඳීම තවත් ශක්තිමත් කිරීමට හේතුවන බව තායිලන්ත නියෝජ්‍ය අගමැති සොම්කිට් ජතුශ්‍රීපිටක් මහතා එහිදී සඳහන් කර සිටියා.බුදුසසුනේ චිරස්ථිතිය සඳහා සියලු පරිත්‍යාග කිරීමට තායිලන්ත ජනතාව සූදානම් බව නියෝජ්‍ය අගමැතිවරයා කීය.තායිලන්ත ජනතාවට බුදුන්වහන්සේගේ සර්වඥධාතු වන්දනාමාන කැර ගැනීමට අවස්ථාව ලබා දීම ශ්‍රීලංකා ආණ්ඩුවෙන් ලබා දිය හැකි ඉහළම ත්‍යාගය බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ.මේ ස්වර්ණමය අවස්ථාව බෞද්ධ දර්ශනය තව තවත් තිව්‍ර කෙරෙන අවස්ථාවක් බවද ජනාධිපතිවරයා කීවේය.ශ්‍රීලංකාවේ සිට වැඩම කර තායිලන්තයේ තැන්පත් ‍කැර තිබූ සමාධි බුද්ධ ප්‍රතිමා අනුරුව තැන්පත් කිරීමේ කටයුතුද මීට සමගාමීව සිදු විය.

විදේශ ආයෝජකයින්ට හිතවාදී පරිසරයක්

maithripala-sirisena2

 

ශ්‍රී ලංකා තායිලන්ත සබඳතා ශක්තිමත් කෙරෙන දෙරටේ සංස්කෘතික අංගයන් සමන්විත උළෙලක් ද තායිලන්ත වාණිජ සහ කර්මාන්ත බැංකු පිළිබඳ තායිලන්ත ඒකාබද්ධ ස්ථාවර කමිටුව විසින් සූදානම් කරන ලද ව්‍යාපාරික හමුවක් ද පැවැත්වූ බවයි සඳහන් වූයේ.

 

 

තායිලන්තයේ සිටින මෙරට බුද්ධිමතුන්ට ජනපතිගෙන් ඇරයුමක්.

maithripala-sirisena1

රට තුළ නිදහසත්, ප්‍රජාතන්ත්‍රවාදයත් තහවුරු වී ඇති බැවින් නැවත මාතෘ භූමියට පැමිණ සිය සේවය උපන් රට වෙනුවෙන් දෙන ලෙස ජනාධිපතිවරයා තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික බුද්ධිමතුන්ට ඇරයුම් කළේය.ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්බ කර වසර අටක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට සහභාගි වීම සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගෙන් ලද විශේෂ ආරාධනය පරිදි තායිලන්තයේ සිව් දින නිලසංචාරයක නිරත ජනාධිපතිවරයා තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග පැවැති හමුවකදී මෙම ආරාධනාව කළේය.

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විය සංවිධානය කර තිබූ මෙම හමුවට එරට වෙසෙන ව්‍යාපාරිකයෝ් වාණිජ මණ්ඩල සාමජිකයෝ සහ විශ්වවිද්‍යාල සිසුහුද එක්ව සිටියහ. ඔවුන් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනතාවට ලැබිය යුතු සියලු අයිතීන් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම වැනි පසුබිම සමග අද ශ්‍රී ලංකාව තුළ සියලු ක්ෂේත්‍රයන්හි නිදහසේ කටයුතු කිරීමට ඇති අවස්ථාව පුළුල් වී ඇති බවයි.
එමෙන්ම රට තුළ ස්ථාපිත වී ඇති නිදහස සහ වරප්‍රසාද තුළ සියලුදෙනාට බිය සැක නොමැතිව කටයුතු කිරීමේ අවස්ථාව උදා වී ඇති බවද ජනාධිපතිවරයා පැවැසීය.

අද තායිලන්තය උදාකරගෙන තිබෙන වේගවත් සංවාර්ධනය සෙසු රටවල ද ඉතා ආදර්ශවත් බව ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.
නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී රට තුළ ස්ථාපිත කළ යුතු පහසුකම් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ප්‍රශ්න කළ අතර, එහිදී විශ්වවිද්‍යාල සිසුන් ප්‍රකාශ කළේ නව නිපැයුම් සඳහා අවශ්‍ය පරිසරය රට තුළ නිර්මාණය කර දෙන ලෙසයි.

එමෙන්ම තායිලන්තය තුළ තමන් ලද තාක්ෂණික දැනුම ප්‍රයෝජනවත් ලෙස භාවිත කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් තාක්ෂණික පහසුකම් පුළුල් කර දෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගුවන් සේවා සබඳතා පුළුල් කර ගැනීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව ජනාධිපතිවරයා දැනුවත් කළහ.

myasrilanka and thailand

මේ සියල්ල අපට වැදගත් වන්නේ නව සංවර්ධන දශකයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේදී ලෝකයේ ආධිපත්‍ය කෙමෙන් කෙමෙන් ආසියාව වටා ගොඩ නැගෙන විට ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් ආසියාවේ අනෙකුත් රටවල් සමග ඇති සම්බන්ධතාවයන් වැඩිවර්ධනය කරගැනීම වඩාත් ඉවහල් වෙන්නේ අපේ රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය සඳහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *