තිලක් මාරපන මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂ ඇමති කොටාවට එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාව නිර්දේශ කිරීමේ සුදානමක් අගමැති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරනවා.
එසේ නොවන්නේ නම් විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමති ධුරයෙන් ඉවත්කර ජයම්පති වික්‍රමරත්න මහතා ඊට නිර්දේශ කිරීමට ද සාකච්ජා කර ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.
කෙසේවුවද මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධන සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.
ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ද ඉවත් කල යුතු බවත්, එම සිද්ධිය යටපත් නොකර කඩිනමින් ඒ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවත්, ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි.
මේ අතර පුරවැසිබලය සංවිධානය පවසන්නේ, තිලක් මාරපන පමණක් නොව නීතිපතිවරයා ද එම ධුරයෙන් ඉවත් විය යුතු බවයි.