• Mon. Jan 30th, 2023

avant guard

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම හා රජය අතර ගිවිසුම් සියල්ල අහෝසි කර මෙහෙයුම් සියල්ල නාවික හමුදාව යටතට පැවරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති සාකච්ඡාවක තීරණය කළ බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසනවා.

අද පස්වරු හතරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මේ තීරණය ගෙන තිබෙන්නේ.

එම සාකච්ඡාවට පොලිස්පති, නීතිපති, ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්, නාවික හමුදාපති, රක්නා ලංකා නියෝජිතයන් ඇතුළු නිලධාරීහු ද, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ සහ පාඨලී චම්පික රණවක මහත්වරු ද සහභාගී වී තිබෙනවා.

මෙම සාකච්ඡාවේ දී හොර ගනුදෙනු ගැන තොරතුරු හෙළි වූ බවත්, ඒ සියල්ල ගැන විමර්ශනය කර වහාම නීතිමය පියවර ගන්නැයි පොලිස්පතිට හා නීතිපතිට ජනපතිතුමා දැන්වූ බවත් ඇමති රාජිත සේනාරත්න මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *