නාගදීපයේ නම වෙනස් කර නයිනාතිව් ලෙස වෙනස් කළ යුතු යැයි පසුගිය 08 වැනිදා රැස්වූ උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබිණි.
එහෙත් ‘නාගදීපයේ’ නම වෙනස් කිරීමට උතුරු පළාත් සභාවට හැකියාවක් නොමැති බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා මීට ඉහතදී සඳහන් කර සිටියා.
වැඩිදුරටත් මේ පිළිබඳව අප පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයෙන් විමසූ විට එහි නිලධාරියෙකු පවසා සිටියේ රටේ ප්‍රදේශවල නම් වෙනස් කිරීමේ අයිතිය ඇත්තේ පළාත් සභාවට නොව මධ්‍යම රජයට බවත්, මූලිකවම ස්වදේශ කටයුතු අමාත්‍යංශයට එහි අයිතිය ඇති බවත්ය.
ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ස්ථාපිත කර ඇති කමිටුව හරහා මිස අන් කිසිඳු තැනකින් ග්‍රාම නාමාවලීන් වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවයි වැඩිදුරටත් ඔහු සදහන් කර සිටියේ.