• Thu. Feb 2nd, 2023

පාස්පෝට් පහක් ඇති දේශපේ‍්‍රමියා.

wimal weerawansa copy

පසුගිය ඔක්තොබර් 23දා කටුණායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්‍ෂණ දෙපාරතමේන්තු එකකය විසින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු සතුව විදේශ ගමන් බලපත‍්‍ර පහක් ඇති බව හෙලිදරව් වී තිබේ. මෙම විදේශ ගමන් බලපත‍්‍ර පහ නම්,
1. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වීමට පෙර ලබාගත් විදේශ ගමන් බලපත‍්‍රය
2. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වූ පසු ලබාගත් විදේශ ගමන් බලපත‍්‍රය
3. දෙවන විදේශ ගමන් බලපත‍්‍රයේ කල් ඉකුත් වූ අතර පසුව තවත් විදේශ ගමන් බලපත‍්‍රයක් සකස් කරන ලදී.
4. එසේ සකස් කල විදේශ ගමන් බලපත‍්‍රය අස්ථානගත වීඇති අතර ඒ බව කියා තවත් විදේශ ගමන් බලපත‍්‍රයක් සකස් කරන ලද අතර එහි වයස සටහන් කර ඇත්තේ ව්‍යාජ ලෙසය. එය සිව්වන බලපත‍්‍රයයි.

අදාල විදේශ ගමන සඳහා වීසා සකස්කරගෙන ඇත්තේ ඉහත අස්ථානගතවූයේ යැයි කියා තිබූ විදේශ ගමන් බලපත‍්‍රයටය.

5. එම වීසා රැගෙන කටුණායක ගුවන් තොටුපලට ගිය විට එහි ආගමන විගමන නිලධාරීන් විසින් අදාල විදේශ ගමන් බලපත‍්‍රය අවලංගු කරන ලද එකක් බව දැනුම් දී තිබේ. එබැවින් දැනට රැගෙන තිබෙන (සිව්වන) විදේශ ගමන් බලපත‍්‍රය රැගෙන එන ලෙස ගුවන් තොටුපල නිලධාරීන් ඔහුට පවසා තිබේ. එහෙත් එහි වයස ව්‍යාජ ලෙස සටහන් කර තිබීම නිසා එය ඉදිරිපත් කිරීමට නොහැකි ප‍්‍රශ්නයකට වීරවංශ මහතා මේ අවස්ථාවේදී මුහුණ දී තිබේ. ඒ නිසා 23 දින අළුයම 05ට පමණ තලංගම පොලීසියට ගොස් එම විදේශ ගමන් බලපත‍්‍රය අස්ථානගතවූ බව පවසා පැමිණිල්ලක් ඉදිරිපත් කර එය තානාපති කාර්යාලයට ගෙනගොස් පස්වන විදේශ ගලමන් බලපත‍්‍රයක් සකස් කරගෙන තිබේ. එය හා මීට ඉහත නැතිවුනා යයිකී විදේශ ගමන් බලපත‍්‍රයට සකස් කරන ලද වීසාද රැගෙන කටුණායක ගුවන් තොටුපලට පැමිණ විදේශගතවීම සඳහා පැමිණ තිබේ. එහිදී වීරවංශ මහතා විසින් අස්ථානගත වූයේ යයි කියා තිබූ විදේශ ගමන් බලපත‍්‍රයත්, එදින සකස් කල විදේශ ගමන් බලපත‍්‍රයත් යන දෙකම ඉදිරිපත් කර තිබේ. එහිදී විදේශ ගමන් බලපත‍්‍ර දෙකක් ලඟ තබා ගැනීමේ ප‍්‍රශ්නය මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ඒකකය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අනුව වීරවංශ මහතා සතුව විදේශ ගමන් බලපත‍්‍ර 05ක් තිබී ඇති බව හෙලිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *