• Sat. Jan 28th, 2023

සෝභිත හිමිගේ අන්තිම කැමැත්ත හෙළි වෙයි. (Video)

sobitha himi final dission

තම අපවත් වීම වෙනුවෙන් ආදාහන උත්සවයක් නොපවත්වන ලෙසත්, දේහය ආදාහන පෙරහරක නොගෙනියන ලෙසත්, අඩුම මිලට ලාභම පෙට්ටියක් ගෙන එක් දිනකදී සියල්ල අවසන් කරන ලෙසත් අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් සිය අවසන් කටයුතු සිදුවිය යුතු ආකාරය දැනුම් දෙමින් ප්‍රකාශ කර තිබේ.
මෘත දේහය අක්ෂිදාන සංගමයට භාර දෙන්න. ඒගොල්ලන් මගේ ශරීරයෙන් අවශ්‍ය අවයව අරන් ඉතුරු හරිය දෙයි. ඒ ටික වළ දමන්න. ආදාහන උත්සව පවත්වනවාට මම කැමැති නැහැයි උන්වහන්සේ අවධාරණය කර තිබේ.

ආදාහන පෙරහර පවත්වා දරුවන් අව්වේ තියන්න එපා. සැරැසිලි, කමිටු, දාන කමිටු හදාගෙන ගමට කරදර කරන්න එපා. මා වෙනුවෙන් කාගෙන්වත් මොනවත් ඉල්ලන්නත් එපා යැයි මාදුළුවාවේ සෝභිත හිමියෝ ප්‍රකාශ කර තිබේ.

මාදුළුවාවේ සෝභිත හිමියෝ ස්වකීය අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධව කරන ලද සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.
‘මගේ අපවත් වීම වෙනුවෙන් කිසිම උත්සවයක් පවත්වනවාට මම කැමැති නැහැ. මා වෙනුවෙන් කාගෙන්වත් මොනවත් ඉල්ලනවට මම කැමැති නැහැ. මට ආදාහන උත්සවයක් කරන්න එපා.

මම අක්ෂිදාන සංගමයේ ප්‍රධාන අනුශාසක. මගේ මෘත දේහය අක්ෂිදාන සංගමයට භාර දෙන්න. ඒගොල්ලන් මගේ ශරීරයෙන් අවශ්‍ය කරන අවයව අරගෙන ඉතුරු හරිය දෙයි. ඒ ටික ආදාහනය කරන්න. ආදාහන උත්සව එපා.
ආදාහන පෙරහරක ගෙනියන්නත් එපා. පාසල් දරුවන් අව්වෙ තියන්නත් එපා. රුපියල් ලක්ෂ ගණන්වල පෙට්ටි ගන්නත් එපා. ලාභම පෙට්ටියක් ගන්න. එක දවසින් සියල්ල ඉවරයක් කරන්න. ගමට කරදරයක් කරන්නත් එපා.

ඇයි, දැන් හාමුදුරු කෙනෙක් මැරුණාම වැලි කමිටුව, කොඩි කමිටුව, සැරැසිලි කමිටුව කියල කමිටු හදාගෙන ලක්ෂ ගණනක් වියදම් කරනවානෙ. මට ඒකෙන් වැඩක් නැහැනෙ මා මළාට පස්සෙ.
මම හරිම ප්‍රිය කරන නායක හාමුදුරු කෙනෙක් තමයි රේරුකානේ චන්ද විමල හාමුදුරුවෝ. උන්වහන්සේ කිව්ව මම නිදාගෙන ඉන්නේ ලෑල්ලක. අපවත් වුණාම ලෑල්ල පිටින්ම ගෙනිහින් සොහොනට දමන්න කියලා. මගේ අවසන් කටයුතුත් ඒ වගේ කරන්න. සතයක්වත් වියදම් කරන එකේ කිසිම තේරුමක් නැහැ.’

https://www.facebook.com/apearata/videos/867033730071096/?video_source=pages_finch_main_video

Leave a Reply

Your email address will not be published. Required fields are marked *