• Mon. Feb 6th, 2023

මියන්මාර මහ මැතිවරණයෙන් අවුන් සාන් සුචිගේ පක්ෂයට ජය

awunsaan suki

වසර 25කට පසුව පැවති මියන්මාර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට එරට විපක්ෂ නායිකා අවුන් සාන් සුචිගේ එන්.එල්.ඩී. හෙවත් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන ජාතික ලීගය සමත් වී තිබේ.

මේ සමග දශක කිහිපයක් පුරා මියන්මාරයේ පැවති හමුදා පාලනය බිඳ වැටෙනු ඇති.

මේ වන විට මුළු ආසන සංඛ්‍යාවෙන් 80% ක ප්‍රතිඵල නිකුත් කර අවසන්ව ඇති අතර ඉන් තුනෙන් දෙකකට වැඩි බලයක් හිමි කර ගැනීමට අවුන් සාන් සුචි සමත්ව සිටියි.

ඒ අනුව සුචී ප්‍රමුඛ විපක්ෂයට නව රජයක් පිහිටුවීමට මෙන් ම ජනාධිපතිවරයෙකු නම් කිරීමට ද අවස්ථාව හිමි වනු ඇති.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ, මේ වන විට අවුන් සාන් සුචිගේ එන්.එල්.ඩී. පක්ෂය ආසන 329 කට වැඩි සංඛ්‍යාවක් ජය ගෙන ඇති බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *