• Thu. Feb 2nd, 2023

කොටි සැකකරුවන් නිදහස්‌ කිරීම අසාධාරණ නෑ – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

sarath fonseka

ප්‍රබල කොටි ත්‍රස්‌තවාදියෙක්‌ වූ කුමරන් පද්මනාදන් හෙවත් කේපී නිදහසේ සිටිනවා නම් කොටි සැකකරුවන් නිදහස්‌ කිරීම කිසිදු අසාධාරණයක්‌ නැතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

යුද්ධය අවසන් කාලයේ කොටි ත්‍රස්‌තවාදීන් දොළොස්‌දහසක්‌ හමුදාවට භාරවූ හා අත්අඩංගුවට ගත් බව කී සරත් ෆොන්සේකා මහතා ඔවුන් නැවත පුනරුත්ථාපනය කර සමාජගත කර ඇතැයි ද පැවසීය.

දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සිරගතව සිටි එම කොටි සැකකරුවන් නිදහස්‌ කිරීම සාධාරණ බවද, ඇතැමුන් එය දේශපාලන වාසියට යොදා ගෙන ඇතැයි ද හෙතෙම කීවේය.

එසේම මොවුන් යම් යම් සීමා යටතේ නිදහස්‌ කිරීම ද, ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් බුද්ධි අංශ සැලකිලිමත් විය යුතු බව ද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

සරත් ෆොන්සේකා මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ (13 වැනිදා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *