ප්රංශයේ පැරිස් අගනුවරට එල්ල වූ වෙඩි ප්රහාර මාලාවකින් සහ Stade de France ප්රදේශයේ හටගත් පිපිරීම් කිහිපයකින් 150කට අධිකර පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.
ප්රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් පසු මේ වන විට එරට ප්රධාන නගර සියල්ලේම ආරක්ෂාව තරකර තිබෙනවා.
පැරිස් නුවරට එල්ල වූ ප්රහාරයෙන් පසු හදිසි තත්ත්වයක් ද ප්රංශ රජය මගින් ප්රකාශයට පත්කළා.කෙසේ වෙතත් ප්රහාරය එල්ල කළ පාර්ශ්වය කවුරුන්දැයි නිශ්චිතව දක්වා නැහැ.
මෙම සිද්ධියත් සමග ප්රංශයේ සියලූ දේශසීමා වසා දැමීමට එරට රජය පියවර ගෙන තිබේ.මෙම ප්රහාරය මරාගෙන මැරෙන වෙඩික්කරුවන් සිදු කරන්නට ඇති බවට ද ඇතැම් වාර්තා සැක පළ කරයි.
මේ වන විට ප්රංශ ආරක්ෂක අංශ පැරිස් නුවර වැසියන්ට නියෝග කළේ, නිවෙස් තුළට වී ආරක්ෂිතව සිටින ලෙස ය.