කැලණි ගඟේ ජලය දූෂනය කරන කොකා කෝලා සමාගමත් දැදුරු ඔයේ ජලය දූෂනය කරන ජිෆී සමාගමේත් ව්‍යාපාර කටයුතු තහනම් කොට එම කර්මාන්ත ශාලා වසා දමන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට පරිසර සංවිධාන කිහිපයක් හා එම ගංගා ආශ්‍රිතව ජීවත්වන ජනතාවගෙන් සැදුම් ලත් සංවිධන කිහිපයක් මේ වන විට සූදානම් වෙමින් සිටින බව වාර්තා වෙනවා.
පසුගියදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සිය විධායක බලය යොදවා ඇවන්ගාඩ් ව්‍යාපාරය තහනම් කිරීමට කටයුතු කළාක් මෙන් මෙම පරිසරය දූෂණය කරන ව්‍යාපාරද තහනම් කළ යුතු බව ඔවුන්ගේ ඉල්ලිම වී තිබෙන්නේ.
ජනාධිපතිවරයා මිට පෙර අවස්ථා කිහිපයකදීම තමන්ගේ විධායක බලතල පරිසරය රැක ගැනීම වෙනුවෙන් යොදා ගන්නා බව ප්‍රකාශයට පත් කොට තිබුනා.
එමෙන්ම ඇවන්ගාඩ් සමාගමේ ව්‍යාපාරය තම හිතවත් ව්‍යාපරිකයන් වෙත ලබා ගැනිම සඳහා දිවා රෑ අරගල කර කිසිදු දේශපාලන නායකයකු කොකා කෝලා සමාගම හා ජිෆී සමාගම විසින් කරන පරිසර හා මානව විනාශය ගැන වචනයකුදු කතා නොකිරීම විශේෂ තත්වයකි.එමෙන්ම මීට පෙර මහත් විනාශයකට තුඩු දුන් රතුපස්වල ජලදූෂණයට වගකිව යුතු රබර් කර්මාන්ත ශාලාවට එරෙහිවද මේ කිසිවකුත් කතා කළේ නැත.පසුගිය මැතිවරණ සමයේ එම සිදුවීම් විකුණා බලයට පැමිණි දේශපාලකයන් මේ ගැන තවමත් නිහඬය.