විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි වීම සිදුවන්නේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල කාලය අහෝසි වීමෙන් පසුව බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටී. ඉතිහාසයේ ප්‍රථම වතාවට ධුරයේ සිටින ජනාධිපතිවරයෙක් තමන්ගේ බලතල මෙසේ කප්පාදු කිරීමට පියවර ගැනීම ඓතිහාසික අවස්ථාවක් බව ඊයේ (18) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මංගල සමරවීර මහතා පැවැසීය.
ඒ අනුව විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් මීට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද ඒ මහතා පැවැසීය.
කෙසේ වුවද වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම නිල කාලය අවසන් වනතුරු එම බලතල දැරීමට හැකි බවත් ඔහුගේ ධුරයෙන් පසු එම බලතල ඉවත් වන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
