• Tue. Feb 7th, 2023

මුරලි හා අරවින්ද FCID යට ?

MURALI AND ARAVINDA

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු වන මුත්තයියා මුරලිදරන් හා අරවින්ද ද සිල්වා යන මහත්වරුන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීමට සූදානම්වන බව වාර්තා වේ.

ඒ වර්ෂ 2018 පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා සත්කාරකත්වය ලබාගැනීම සඳහා 2011 නොවැම්බර් 11 වැනිදා ශාන්ත කිට්‌ස්‌ රාජ්‍යයේදී පැවැති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකාවට වාසි ලබා ගැනීමට කළ ප්‍රචාරක වැඩ සඳහා සම්බන්ධවීම ගැන ප්‍රකාශයක් ලබා ගැනීමටය.

ඒ සඳහා අරවින්ද හා මුරලි සහභාගිවී ඇති අතර ඔවුන්ට රාජපක්ෂ ආණ්ඩුව විසින් ගුවන් ප්‍රවේශපත්‍ර හා කෑමබීම නවාතැන් ලබාදී ඇති බව පැවසේ.

මුරලි මේ සඳහා සහභාගිවී ඇත්තේ එංගලන්තයේ සිට පැමිණ බවද පැවසේ.

එම ක්‍රීඩා සත්කාරකත්වය ලබාගැනීමේ කමිටුවේ සම සභාපති ලෙස කටයුතු කර ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාය.

(srilanka mirror)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *