• Thu. Feb 2nd, 2023

2016 bujget

2016 වසර සඳහා හෙට (20) ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ දහයකට සහන ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රජය යටතේ 2016 වසර සඳහා ඉදිරිපත් කරන අයවැය,පීඩාවට පත් ජනතාවට සහන සළසන ජනතාවාදි අය වැයක් බවත් ඒ මඟින් ජනතාව ආරක්ෂා කිරීම හා ආර්ථිකය ශක්තිමත් කිරීම අපේක්ෂා කරන බවයි වාර්තා වෙන්නේ.

නව රජය යටතේ ඉදිරිපත් කළ පළමු අයවැයෙන් පොදු මහජනතාවට ලබාදුන් සහන සියල්ලම මෙවර අයවැයෙන්ද ලබාදෙන බව සරත් අමුණුගම මහතා පැවසීය. සාමාන්‍ය ජනතාවගේ ජීවන රටාව හා පරිභෝජන රටාව ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් සහන මල්ලක් ලබාදෙන බවත් සඳහන්.

මේ පිළිබඳව ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (18) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කලේය.

“ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රජය යටතේ ඉදිරිපත් කරන දෙවන අයවැය මෙයයි.පසුගිය අයවැයෙන් ලබාදුන් සහන සියල්ලම මෙවර අයවැයෙන් ලබාදීමට න අපේක්ෂා කරනවා.පළමු අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබාදුන්නා.වැඩකරන ජනතාවට,රජයේ සේවකයින්ට, විශ්‍රාමිකයින්ට,සමෘද්ධි සහනාධාරය , මහපොළ ශිෂ්‍යත්ව දීමනාව වැඩිකිරීම,සෞඛ්‍ය. අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල වැඩිකිරීම ආදි සහන රැසක් පසුගිය අයවැයෙන් ලබාදුන්නා.ඒ සහන සියල්ලම මෙවර අයවැයෙන් ලබාදෙනවා.

පුළුල් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් සෑම අංශයක්ම ශක්තිමත් කිරීම මෙන්ම සෑම අයෙක්ම ආරක්ෂා කිරීම අප රජයේ අපේක්ෂාවක්.අප‍ගේ ආර්ථිකය දියුණූ කිරීමට නම් සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමුකරන්නට සිදුවෙනවා.සාමාන්‍යයෙන් අයවැයක් ඉදිරිපත් කිරීමට පෙර අයවැය රහස් හෙළිකරන්නේ නැහැ.ඒ නිසා මෙවර අයවැයේ අන්තර්ගත සියල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නට බැහැ.කෙසේ උනත් මෙවර අයවැයෙන් සෑම අංශයක් කෙරෙහිම එකසේ අවධානය යොමුකර තිබීම විශේෂත්වයක්. ඒ වගේම 2020 වනවිට අපගේ ආදායම හා වියදම අතර පරතරය 3.1 දක්වා අඩුකිරීමට අපේක්ෂා කරනවා.අදවන විට අලුතින්ම නව මැද පංතියක් නිර්මාණය වී තිබෙනවා.එමෙන්ම පසුගිය කාලයේදි ලබාදුන් විවිධ සහන නිසා පොඩි වාහන විශාල ප්‍රමාණයක් ජනතාව මිලදී ගෙන තිබෙනවා.

ඒ වගේම පාර්ලිමේන්තුවේ කිහිප දෙනෙක් එකතු වී පක්ෂයක් පිහිටුවා ගත්තට එය පිලි ගන්නට බැහැ.අපි ඒකාබද්ධ විපක්ෂය පිළිගන්නේ නැහැ.ඒකාබද්ධ විපක්ෂය කතානායක තුමා පිළිගන්නෙත් නැහැ.පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය උනේ පිළිගත් පක්ෂයකින් පිළිගත් ලාංඡනයක් යටතේ ලියාපදිංචි වු පක්ෂ පිළිගැනීමයි.කතානායක වරයා උනත් ගනුදෙනු කරන්නේ අදාළ පක්ෂ වල පක්ෂ මහලේකම් සමඟයි. මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතාද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *