සම්මුතිවාදී නව රජයේ මංගල අය වැය ඉදිරිපත් කෙරෙන අවස්ථාවට සහභාගීවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.
මේ වසරේ ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණය ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා නව ධුරයේ වැඩභාරගත් මොහොතේ අග්‍රාමාත්‍ය ධුරයට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කෙළේය. ඒ අනුව නව දැක්මක් සහිත සම්මුතිවාදී රජයක් බිහි විය.
එම රජයේ මූලිකම කාර්යභාරය වූයේ දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීමයි. එහි සඳහන් ආර්ථික සහන ජනතාවට ලබාදීම සදහා වූ පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට 2015 ජනවාරි 29 වැනිදා මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් අතුරු අය වැයක් ඉදිරිපත් කරන ලදී. එම අය වැයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 13ක තීරු බදු ඉවත් කළ අතර ඉන් ජනතාවට කෙටි කාලීනව දැඩි ජීවනවියදම් සහනයක් ලැබුණි.