මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අය-වැය ලේඛනයට අනුව ලබන වසරේ (2016) සමස්ත අය-වැය හිඟය රුපියල් බිලියන 740 ක් (රුපියල් කෝටි 74,000) ලෙස ඇස්තමේන්තු කර ඇත.
එම අය – වැය හිඟය නියෝජනය කරනු ලබන වසරේ මුළු රාජ්ය ආදායම රුපියල් බිලියන 2047 ක් ලෙසද මුළු රාජ්ය වියදම රුපියල් බිලියන 2787 ක් ලෙසද ඇස්තමේන්තු කර තිබේ.
මේ වසර (2015) සඳහා ඇස්තමේන්තු ගත රුපියල් බිලියන 675 ක අය-වැය හිඟයට සාපේක්ෂව ලබන වසරේ (2016) අය-වැය හිඟය රුපියල් කෝටි 6500 කින් ඉහළ යාමට නියමිතය.
අයවැය හිඟය පියවා ගන්නා අයුරු
සමස්ත අය-වැය හිඟය – රුපියල් බිලියන 740
මුළු විදේශ ණය ගැනීම් – රුපියල් බිලියන 183
මුළු දේශීය ණය ගැනීම් – රුපියල් බිලියන 557
(AsianMirror)