පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ප්‍රචාරණ දැන්වීම්වලට පමණක් රුපියල් කෝටි 14 කට ආසන්න මුදලක් වැය කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය කියයි.
ඇය මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කල විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
මීට අමතරව පාගමනක් වෙනුවෙන් රුපියල් 91 ලක්ෂයකට ආසන්න මුදලක්ද, පිංකම් සදහා රුපියල් ලක්ෂ 35 කට ආසන්න මුදලක්ද, ගොඩනැගිලි බදු ගෙවීම් සදහා රුපියල් කෝටි 2 කට ආසන්න මුදලක්ද පසුගිය රජය සමයේදී විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් වැය කර ඇතැයි තලතා අතුකෝරළ මහත්මිය සදහන් කළාය.
රාජපක්ෂ සමයේ විදේශ රැකියා අමාත්‍යවරයාව සිටියේ වත්මන් ආණ්ඩුවේ මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතාය.