• Mon. Feb 6th, 2023

සමස්ත ශ්‍රී ලංකාවම නැවත ගොඩනැගෙමින් තිබෙනවා – සමන්තා පවර්

samantha powerඑ.ජා. ඇමෙරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර්උතුරු පළාත පමණක් නොවෙයි සමස්ත ශ්‍රී ලංකාවම නැවත ගොඩනැගෙමින් තිබෙනවා යැයි සමන්තා පවර් මහත්මිය පැවැසීය.

දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් මහත්මිය මෙලෙස ප්‍රකාශ කළේ ඇමෙරිකානු රජයේ ආධාර යටතේ ඉදි කළ යාපනය ඔස්මානියා කාන්තා විද්‍යාලයේ පාසල් විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (22) එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් සමන්තා පවර් මහත්මිය පැවැසුවේ,

“ශ්‍රී ලංකාව තුළ කොතරම් එකමුතුවක් තිබෙනවාද කියලා මේ සංචාරයේදී දුටුවා. එසේම යාපනය ප්‍රදේශයට සෞභාග්‍ය පැමිණ ඇති බවත් පෙන්නුම් කරනවා.අපි මේ මොහොතේ එක්වෙලා සිටින්නේ අනාගතය ගොඩනගන්න. අපි වසර 25ක් ආපස්සට ගියොත් අපිට පේන්නේ මේ දරුවන් හා ජනතාව විඳපු දුකයි. ඒ වසර කිහිපය ඉතාම අභියෝගයක්. හානි වුණේ ගොඩනැගිලිවලට පමණක් නොවෙයි. අද මේ ජනතාව ගොඩක් සතුටින් සිටිනවා. මම පෙනී සිටින්නේ ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා වෙනුවෙන්. ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන සංවර්ධනයට ඔහු ඇතුළු සමස්ත ඇමෙරිකාවේම සහයෝගය දෙන්න සූදානම්.ඒ නිසා අපි අධ්‍යාපනය නගාසිටුවන්න මූලිකව උදව් කරනවා. ඒවාගේම මෙරට තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් නිර්මාණය කරන්න පුළුවන්. අපි විශ්වාස කරනවා මේ තමයි හොඳම මාර්ගය රට නගාසිටුවන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *