ජනපදනමක් නොමැති නිසා ඒ ඒ දේශපාලන පරිසරයන්හී වාසිය උපයෝගි කොටගෙන පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිණ සම්මුතිවාදී ආණ්ඩුවට බලපෑම් එල්ල කර තමන්ට හිතවත් මාධ්‍ය මගින් ඒවාට පුළුල් ප්‍රචාරයක් ලබාදෙන විපක්ෂයේ සුලුතර කණ්ඩායම මවන සිහින වල තේරුමක් නොමැති බව අද පැවති හමුවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා,
” ඇතැම් අය කියාගෙන යනවා අප්‍රේල් වල අලුත් ආණ්ඩුවක් හදනවා කියලා.නමුත් රටේ පවතින ව්‍යවස්ථාව අනුව නව රජයක් 2020 වෙනකන් හදන්න බෑ.ඒකයි යථාර්තය.
අලුත් ආණ්ඩු හදන්න ඉන්න අය දැන ගන්න ඕනේ, දැනට තියෙන පාර්ලිමේන්තුවේ සම්මුතිය අනුව එක්සත් ජාතික පක්ෂයට ආසන 105කුත්,සන්ධානයට ආසන 95 කුත් තියෙන්නේ.
ඒ ඔය අලුත් ආණ්ඩුවක් හදන අය ආණ්ඩුවක් හදන්න ඕනේ, සන්ධානයේ සියලුම මන්ත්රීවරුන්ව අල්ලගෙන තව යූඇන්පීයේ 18 දෙනෙකුත් අරගෙනයි.
පෙරේදා මම සාකච්ඡාවක් කැඳවපුවහම අය – වැයට සාහය දෙන්න කියලා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන්ව කැදවපුවහම ඒ අය මට කිව්වා විපක්ෂයේ
ඉන්න ඔක්කොටම සර් එක්ක කතා කරන්න ඕනේ කියලා හිටන්.මම කිව්වා හරි දැන් කී දෙනෙක් ඉන්නවද කියලා හිටන්.ඒ අය කිව්වා 45 දෙනෙක් ඉන්නවා කියලා.ඊට පස්සේ මම ඊයේ ඒ ඔක්කොටම එන්න කිඅයලා අපි සාකච්ඡාවක් දාමු කියලා කිව්වම දාන්න පුලුවන් සේරම සෙල්ලම් දාලා ආවේ 26 දෙනෙක් විතරයි.
යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් පළ කර සිටියා.