නව රජයේ “මතින් තොර රටක්” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පය අනුව පසුගියදා මත්පැන් වල මිල සංශෝධනයක් සිදුකර තිබුනත් සැර අඩු බියර් ආදීයේ මිල ඉහළ යෑමක් සිදු වූයේ නැත.
මේ පිළිබඳව විමසිලිමත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුදල් අමාත්‍යය රවී කරුණානායක මහතාගෙන් විමසීමක් සිදුකොට තිබෙන අතර සැර අඩු බියර් වල මිල ගනන් ද ඒ අනුව ඉහළ දැමීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තීරණය කොට ඇත.
පාසැල් ළමුන් අතර ජනප්‍රිය මෙම සැර අඩු බියර් ආදීය බහුලව භාවිතා කරන්නේ අවුරුදු 11ත් 16ත් අතර ළමුන් බවයි පසුගියදා එළිදැක්වූ සමීක්ෂණ වාර්තාවකින් සඳහන් වුනේ.
