• Sat. Jan 28th, 2023

ali horu

නීතිවිරෝධී ලෙස ඇතුන් ලඟ තබාගැනීමට එරෙහිව උඩුවේ ධම්මාලෝක හිමි, කොලොන්නාවේ සුමංගල හිමි, හිටපු කොටුව මහේස්ත්‍රාත් විනිසුරු තිළිණ ගමගේ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කර ඇතත් ඒ සඳහා තවමත් නීතිය ක්‍රියාත්මක වී නොමැති බව ‘අපේ රට‘ වෙබ් අඩවියට වාර්තා වෙනවා.

 

 

Uduwe-Dhammaloka-300x200

 

උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩවසන පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේදි සොයාගත්අලි පැටවාගේ නීතිමය ලියවිලි ඉදිරිපත් කරන්නට සමත් නොවුණ නිසාවෙන් එම අලි පැටවා වනජීවි නිලධාරීන් භාරයට ගෙන එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

 

 

kolonnawe sumangala

 

කොලොන්නාවේ සුමංගල හිමියන්ද අලි ජාවාරමට සම්බන්ධ බවට ලැබී තිබෙන තොරතුරු මුලින්ම හෙලිවුනේ පසුගිය මාර්තු මාසයේ නිරින් රොෂාන් හෙවත් අලි රොෂාන් අත්අඩංගුවටට ගැනීමේදීය.

 

 

 

thilina gamage

පසුගිය මැයි 8 වැනිදා අමාත්‍ය පී හැරිසන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකලේ විනිසුරු තිළිණ ගමගේ සතුව සිටින අලි පැටවා නීති විරෝධීව තබාගන්නා බවයි.නමුත් තිළිණ ගමගේ එයට එරෙහිව කතානායකවරයාට ලිපියකින් දන්වා සිටියේ තමන් එම අලි පැටවා නීත්‍යානුකූලව මිලට ගන්නා ලද බවයි. කෙසේ වෙතත් පසුව පරීක්ෂණවලින් හෙලිව ඇත්තේ එම පැටවා නීතිවිරෝධීව ලග තබාගෙන ඇති බවයි.

 

මේ අනුව මොවුන් තිදෙනාම අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග ලැබී ඇතත් ඉන් පසුව එම නියෝග ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ගොස් ඇත. තවමත් ඔවුන් වෙතින් මේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට බලධාරීන්ට අණ ලැබී නැති නිසා අලි ජාවාරමට සම්බන්ධ මොවුන් නීතියෙන් ගැලවෙයිද කියා සැකයක් පැන නගී. විශේෂයෙන්ම වෙනදා අධිකරණ නියෝග සෘජුවම ක්‍රියාත්මකවී සැකකරුවන් අත්අඩංගුවට ගත් නමුත් යහපාලනය යටතේ ජනපතිවරයා සහ අගමැතිවරයා වෙතද නියෝගය නැවත යැවීම තුලින් ගැටළු රාශියක් මතුව ඇත.

අලි ඇතුල් සම්බන්ධ නීතිය

මේ සඳහා තිබෙන මූලිකම නීතිය 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනතයි. එහි 29 අ(9) උප වගන්තිය තුළ අලි නීතිය කැටිකොට දක්වා ඇත්තේ මෙ පරිදිය.

“ලියාපදිංචි ඇතින්නකගේ ගැබ්ගැනීමේදී එම ඇතින්නගේ අයිතිකරු හෝ භාරකාරත්වය දරන තැනැත්තා විසින් ඇතින්නගේ ගැබ්ගැනීම පිළිබඳව තොරතුරු සමග එම ගැබ්ගැනීම අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දිය යුතුය. තවද 10 වන වගන්තිය ප‍්‍රකාරව යම් උපතක් එම සිදුවීම සිදුවී දින හතක් ඇතුළත අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලයලත් නිලධාරීන්ට දැනුම් දිය යුතුය.”


මෙම නීතිය පැනවීමේ අදහස අලියකු නීති විරෝධීව කැලයෙන් අල්ලා ගෙනැවිත් ඇති කිරීම පාලනය කිරීම බව පෙනේ. එහෙත් මේ නීතිය ගෙනඑන්නේ 2009 වර්ෂය තුළදීය. 2008 වර්ෂය තුළ අලියකු ලියාපදිංචියට මෙම නීතිය අදාළ නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *