දුර්ලභ ලේ වර්ගයක් නොමැති වීමෙන් මෙලොව එළිය දකින්නට සූදානමින් සිටි දරුවකු සමඟ ජීවිත සටනක යෙදෙමින් සිටි මුලතිව් ප්‍රදේශයේ දෙමළ ගැබිනි මවකට ලේ පරිත්‍යාග කොට මවගේ හා දරුවාගේ ජීවිත බේරාගත් යුද හමුදා භටයන් හත්දෙනකුගේ බෝසත් ක්‍රියාවක් මුලතිව් මාතාවලසින්නකුලම්හි මන්චෝලෙයි රජයේ රෝහලෙන් වාර්තා වෙයි.
පසුගිය 19 දින 34 හැවිරිදි සසී නමැති එම කාන්තාව දරු ප්‍රසූතියක් සඳහා ඇතුළු වී ඇත්තේ මුලතිව් මන්චෝලෙයි රජයේ රෝහල වෙතය.
දරු ප්‍රසූතියට ආසන්නව සිටියදී ඇයට හදිසියේම ඕ.ආර්.එච් වර්ගයේ ලේ දීමට අවශ්‍ය වුවද එම රෝහලේ ලේ බැංකුවේ එම වර්ගයේ ලේ නොතිබීම නිසා ඇය කුසේ සිටින බිලිඳා සමඟ ජීවිත සටනක යෙදී සිටියාය.
මේ අවස්ථාවේ එම ලේ බැංකුවේ වෛද්‍යවරියක වන අප්සරා මේ හදිසි අවස්ථාව ගැන මුලතිව් බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.එම්.ජී.සී.බී. විජේසුන්දර මහතාට කතාකොට එම ලේ වර්ගය ලබාදී ජීවිත දෙකක් බේරාගන්නා ලෙස ඔහුගෙන් අයැද සිටියාය. එම ඉල්ලීමට ක්ෂණිකව ක්‍රියාත්මක වූ කර්නල්වරයා හතරවැනි පාබළ රෙජිමේන්තුවේ නිලධාරියකු සමඟ හමුදා භටයන් හත්දෙනකු පිටත්කර යවා එම ලේ වර්ගය (මිලි ලීටර් 750) ලබාදී මවගේ සහ දරුවාගේ ජීවිත බේරාගෙන තිබේ.
හමුදා භටයන් හත්දෙනා ලේ දන් දී පැයකට පසු එම දරු ප්‍රසූතිය සිදුවිණි.
දරුවා සහ මව හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන නමුදු බිලි¼දාගේ බර අඩුකමක් නිසා නොමේරූ ළදරු ඒකකයට ඇතුළත්කර ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.
හමුදා භටයන් කළ ලේ පරිත්‍යාගය නිසා ගැබිනි මවගේ ජීවිතය ගලවා ගැනීමට හැකිවීම ගැන එම රෝහලේ වෛද්‍යවරුන්ගේ ප්රශංසාත්මක මල් මිටක් යුද හමුදා භටයන් වෙත යොමුකර තිබිණි.