රාජේෂ්වරන් සෙන්දූරන් සෙන්දූරන් නමැති පසුගියදා දෙමළ සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් දුම්රියට පැන සිය දිවි නසා ගත්තා යැයි කියූ හින්දු විද්‍යාලයේ 13 වසර කලා අංශයේ අධ්‍යාපනය ලැබූ සිසුවාගේ මරණය පිළිබඳ ප්‍රබ සැකයක් මතුව තිබෙනවා.
ඒ ඔහු කෝච්චියට පැන සියදිවි නසා ගත්තා යැයි සැලකෙන තැන පොත් බෑගයක තිබූ හමුවූ පොතේ පිටුවක තිබු ලියුමක් සැලකිල්ලට ගෙනයි.
පසුගිය ආණ්ඩුවේ සුරතලුන් බවට පත් වී සිටි මාධ්‍ය ආයතන රැසක්ම මේ සිද්ධිය දඩමීමා කරගෙන දැනට අනාථවී සිටින යම්යම් දේශපාලන කණ්ඩායම් වල ජාතිවාදී ප්රකාශයන්ට තටු ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බව අපට ඉතා හොඳින්ම අනාවරණය වූ කරුණක්.
දැන් වාර්තා වී ඇති කරුණු අනුව කොටි හිතවාදී සහ දකුණේ යම් යම් මාධ්‍ය ආයතන විසින් ප්‍රසිද්ධ කරනු ලැබූ පුවත් මුළුමනින්ම සාවාද්‍ය ප්‍රවෘත්තීන් බවට වූ ප්‍රබල සැකයක් මතුව තිබෙනවා.
මෙම ලිපියේ සැක සංකා රැසක් මතුව තිබෙන බව අප කල සොයා බැලීමකදී අනාවරණය වුණා.
1.මෛත්‍රී’ස් : මෙම ලියුමේ සෑම ස්ථානයක වගේ මෙලෙසින් භාෂා දෙකෙන්ම සාමාන්‍යයෙන් ලියන්නේ නැති ආකාරයකට මෙහි සඳහන් වී තිබෙනවා.
2. අරස්සාන්ගල්ගල්න් : ආණ්ඩු ගොඩක් (බහුවචනයක්) කලා අංශයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ මොහු අතින් මෙලෙස සාමාන්‍ය වචනයක් ලිය වෙන්නට තිබෙන ඉඩකල සීමිතවීම. (ඔහුගේ ගුරුවරුන් සහ මිතුරන් කියන පරිදි )
(යෙදිය යුතු නිවැරැදි වචනය | අරස්සාන්ගම් : ආණ්ඩුව )
3. ඔරුතමිල් අරසියෙල් කයිදිහල් : දෙමළ භාෂාවේ මෙලෙසින් යෙදෙන වචනයක් නොමැතිය.
4. 2016 A/L , Faculty of arts : මෙලෙසින් සඳහන් කරන්නේ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පමණී.පාසලක උසස් අධ්‍යාපනය ලබන සිසුන් සඳහන් කරන්නේ,කෙටි යෙදුමක් සමගින් අදාල අංශයයි.එයද මෙම ලියුමේ ප්‍රබල සැකයක් ඇති කිරිමට සමත් වී ඇත. මෙය එලේවල් කරපු සියලුම සිසුන් දන්නා සාමාන්‍ය දෙයකි.
5.මෙහි සැකයක් උපදවන විශාලම කරුණ නම් මෙයයි : මෙම සිසුවා තම ජීවිතය පූජා කලේ ආණ්ඩුවට අනතුරු ඇඟවීමට යැයි කොටි හිතවාදී සහ දකුණේ ඇතැම් ජනමාධ්‍ය සඳහන් කොට තිබුනත් මොහු විසින් ලියනු ලැබූ යැයි කියූ මෙම ලිපියේ කිසිම තැනක ” සිරකරුවන් වෙනුවෙන් ජීවිතය පූජ කරනවා යැයි කොතනකවත් සඳහනක් කොට නැත.
Ape rata.not kotiyage rata.,rata hamarai!!!