පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපති ධුරයට ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා ද, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධුරයට මහනගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ද පත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
ආණ්ඩු පක්ෂය විසින් ගන්නා ලද මෙම තීරණය ඉන්පසු කථානායකවරයාට දැනුම් දී ඇති අතර කථානායක කරු ජයසූරිය මහතා ද එම දෙදෙනාට අනුමැතිය ලබාදී තිබේ. පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ධුරයට විපක්ෂයේ මන්ත්‍රීවරයකු තේරී පත්වූයේ වසර නවයකට පසුවය. විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ අවසන් මන්ත්‍රීවරයා වූයේ විජයදාස රාජපක්ෂ මහතා ය.
යහපාලන ආණ්ඩුව පත්වීමට පෙර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළේ ඩිව් ගුණසේකර මහතා ය. ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා වූයේ අනුර ප්‍රියදර්ශන යාපා මහතා ය.
සභාපති ධුර පත් කිරීමට පෙර පසුගිය සතියේදී ව්‍යාපාර පොදු කාරක සභාවට සහ ගිණුම් කාරක සභාවට සාමාජිකයන් පත් කරන ලදී.
ඒ අනුව ව්‍යාපාර පොදු කාරක සභාව සඳහා සාමාජිකයන් ලෙස අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, වසන්ත අලුවිහාරේ, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, රන්ජන් රාමනායක, අශෝක අබේසිංහ, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක, එම්. ඒ. සුමන්තිරන්, ඥනමුක්ත ශ්‍රී නේසන් යන මහත්වරුන් නම් කර තිබේ.
ගිණුම්කාරක සභාව සඳහා නිමල් සිරිපාල ද සිල්වා, රවුµඅ හකීස්ම්, මහින්ද සමරසිංහ, රාජිත සේනාරත්න, රවි කරුණානායක, රිෂාඩ් බදියුදීන්, පාඨලී චම්පික රණවක, විජයදාස රාජපක්ෂ, මනෝ ගනේෂන්, අජිත් පී. පෙරේරා, ආචාර්ය සරත් අමුණුගම, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, විජිත හේරත්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා යන අය සාමාජිකයන් ලෙස පත් කර තිබේ.
