• Tue. Feb 7th, 2023

යාල වනෝද්‍යාන භූමියේ ඉදිකිරීම් තහනම්. – අගමැති රනිල්ගෙන් නියෝගයක්.

yalaයාල වනෝද්‍යාන ආශ්‍රිත භුමිවල හෝටල් ඉදිකිරීම සඳහා යාල අභය භුමියෙන් කිසිදු ඉඩමක්‌ ලබා දෙන්න එපා. ඒ සඳහා ලොකු විරෝධයක්‌ තියෙනවා. ප්‍රශ්න ගොඩක්‌ තියෙනවා. මේ ආශ්‍රිත භුමිවල ඉදිකිරීමට සැලසුම් කොට ඇති හෝටල්වල ඉදිකිරීම් වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා (22) කොග්ගල දී සංචාරක මණ්‌ඩලයට නියෝග කළේය.

මෙයට අමතරව මෙම ප්‍රදේශයේ ඇති කිසිදු ඉඩමක්‌ කිසිදු අයකුට කිසිදු ව්‍යාපාරිකයකු හට හෝ නොදෙන්නැයි උපදෙස්‌ දුන් අග්‍රාමාත්‍යවරයා මෙහි හෝඅටල් දැමීම නතර කිරීමට පියවර ගන්නා ලෙසද සංචාරක මණ්‌ඩලයට නියෝග කළේය.

දකුණේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දක්‌ෂිණ සංවර්ධන අමාත්‍යාංශය මෙහෙය විමෙන් කොග්ගල බීච් හෝටලයේ පැවැති දකුණු පළාත් මැති ඇමැතිවරුන්ගේ හා නිලධාරීන්ගේ රැස්‌වීමකදී මෙම නියෝගය දුන් අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් මේ සම්බන්ධයෙන් වන ජීවි දෙපාර්තමේන්තුව තුළ හා ඉන් පිටස්‌තරවද බරපතළ ගැටලු හා ලොකු විරෝධතාවයන් ඇති වී ඇතැයි ද පෙන්නා දුන්නේය.

මෙම රැස්‌වීමට සංචාරක මණ්‌ඩලය වෙනුවෙන් පැමිණ සිටි නියෝජිතවරයා පවසා සිටියේ යාල ඉඩම් අක්‌කර 1033 ක්‌ පමන ඇති බවත් වන ජීවියෙහි ඉඩම් හැරුණු විට තවත් අක්‌කර 350 ක්‌ ඇති බවත් මේ තුළ නව සංචාරක කළාපයක්‌ ඇති කිරීමට යෝඅජිත බවය.

මේ වන විටත් සංචාරක ව්‍යාපෘති 7 ක්‌ පමණ ඉදිරිපත් වී ඇති අතර ඉන් තුනකට අවසර දී ඇති අතර මේ වන විටත් ඉන් එකක වැඩ අවසන් වෙමින් යන බවත් හෙතෙම පැවැසීය.

මෙහිදී මේ සම්බන්ධයෙන් ඉහත කී නියෝගය පැන වූ අග්‍රාමාත්‍යවරයා දැනට ඉදිකරගෙන යන හෝටලයේ වැඩ අවසන් වේගෙන යනවා නම් එය කරගෙන යන්නට අවසර දෙන ලෙසට උපදෙස්‌ දුන් රනිල් වික්‍රමසිංහ මහතා අනුමත ඉතිරි ව්‍යාපෘති දෙක වහාම නතර කරන්නැයි ද උපදෙස්‌ දෙනු ලැබු අතර මෙයින් පසුව කිසිදු ඉඩම් කැබැල්ලක්‌ කිසිදු අයකුට දෙන්නට එපා යයිද උපදෙස්‌ දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *