• Mon. Feb 6th, 2023

එල්.ටී.ටී.ඊ රැඳවියන් නිදහස් කිරීමේ වරදක් නෑ – වාසුදේව

 

wasudewaඑල්.ටී.ටී.ඊ රැඳවියන් නිදහස් කරනවාට අකමැත්තක් නැතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නානායක්කාර මහතා පවසයි.

වාමාංශික පක්ෂ කිහිපයක සහභාගිත්වයෙන් අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

එල්.ටී.ටී.ඊ රැඳවියන් නිදහස් කිරීමේ වරදක් නැතැයි වමේ පක්ෂ ලෙස පොදු මතයක
සිටින බවද ඒ මහතා පැවසීය.

කෙසේ වුවද රැඳවියන් නිදහස් කිරීමෙන් පසු ඔවුන් ගැන නිතර විපරම් කළ යුතු බවත්, නිදහස් කිරීමෙන් පසු ඔවුන්ගේ ඉදිරි කටයුතු ගැන ‍රජය අවධානයෙන් සිටිය යුතු බවත්, මන්ත්‍රීවරයා කියා සිටියේය.

එහිදී මාධ්‍යවේදීයෙකු මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය ගැන ප්‍රශ්නයක් මතු කරමින් පැවසුවේ එල්.ටී.ටී.ඊ. රැඳවියන් ඇප මත නිදහස් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම විරෝධය පළ කරද්දී මෙවැනි ප්‍රකාශයක් කරන්නේ කෙසේදැයි යනුවෙනි.

මෙම කාරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සමග මත ගැටුමක් ඇති බව පිළිගන්නා නමුත් අධිරාජ්‍ය විරෝධී ක්‍රියාවලියේදී ඔවුන් හා අප එක මතයක සිටින බව වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ඒ අනූව ගැටුම් ඇති කර නොගෙන සාකච්ඡා මාර්ගයෙන් ඒවා විසඳගන්නා බවත්, පොදුවේ අප එකතු වී සිටින්නේ රජය අධිරාජ්‍යවාදී ගැතිකමින් රජය මුදාගැනීමට යැයිද හෙතෙම කියා සිටියේය.

එසේම ටී.එන්.ඒ සංවිධානය වෙනම රාජ්‍යයක අදහස අතහැරීම ගැන සතුටු වන බවත්, එසේ වුවද ඔවුන් ජාතික සමගිය සඳහා අත්තිවාරම දැමීමට සුදානම්දැයි ප්‍රශ්නයක් ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *