පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට ලෝක නායකයන් වෙති ලැබුණු පිළිගැනීම තරමටම මෝල්ටා රාජ්‍යයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුවේදී ද ලැබී තිබුණු බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබිණි. එය මේ රටට ශක්තියකි.
විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුතු කරුණු කිහිපයක් තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිටියදි පොදු රාජය මණ්ඩලිය රාජ්‍ය නායක සමුළුවේ සභාපතිධුරය මෙරටට ලැබිමේදී මෙරටට පැමිණීම පවා වර්ජනය කළ කැනඩාව මෙවර ශ්‍රී ලංකව කෙරෙහි ඉතා සුහද ප්‍රතිපත්තියක් පෙන්වා තිබේ. එදා ලෝකයට චන්ඩි පාර්ට් දමමින් ගෙන ගීය මජර විදේශ ප්‍රතිපත්තිය වෙනුවට ලෝකයේ හතර දිග්භාගයේම රාජ්‍ය සමඟ සුහද ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීමෙහි අගය මේවන විට ශ්‍රී ලංකාවට ප්රතිලාභ රැසක් අත්පත් කර දීමට සමත්ව තිබෙන බව කැනෙඩියානු අගමැතිවරයා හා ජනාධිපති සිරිසේන මහතා අතර වූ ද්විපාර්ශ්වික සාකච්ඡුා ගැන සලකා බැලූවද ප්රමණවත්ය.
එමෙන්ම මෙම සමුළුවට සමගාමීව හිටපු පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා,පැවැත්වූ මධ්‍ය හමුවකදී ජනාධිපත් සිරිසේන මහතාව ඉහළින් අගය කිරීම කැපී පෙනුන සිදු වීමකි. ඔහු හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මෙරට පැවැති පොදුරද මඩුළු සමුළුවට පෙර හා පසුව පළ කළ අදහස් සැලකිමේදී මේ, අහසට පොළව මෙනි.
එදා ඔහු වෙතින් පැවසුනේ, එම සමුළුවේ සභාපතිධුරය ශ්‍රී ලංකාවට දෙන්නේ පන්තියේ නරකම ළමයාට,මොනීටර්කම දෙනවා මෙන් දෙයක් ලෙස සලකා බවය.
මේ මෙවර ඔහු පළ කළ අදහසක්,
“ප්රජාතන්ත්රවාදය මානව හිමිකම් හා වගවීම යනාදී පොදු රාජ්‍ය මණ්ඩලයීය ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීමෙහි ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ කැපවීම අතිශයින්ම යහපත් වුවක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ලෙස සියලූ සහයෝගීතාවන් පුළුල් කළා පමණක් නොව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී කළ දේශනයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ප්‍රතිපත්ති ප්‍රවර්ධනය සඳහා ප්රශස්ත කාලයක් වෙන් කිරීමට ද කටයුතු කළා..”
“පොදු රාජ්‍ය මණ්ඩලයීය සභාපති ලෙස ශ්‍රී ලංකා ජනාධිපති ඔහුගේ වගකීම් ඉතා කැපවීමෙන් හා භාරදූර ලෙස ඉටු කළා. ඔහු සමග වැඩ කිරීමට ලැබීම ඉතා සතුටක්”
කුඩා රාජ්‍යයක නායකයෙකුට ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයින් කීප දෙනක් සමඟ ද්වී පාර්ෂික සාකච්ඡාවල යෙදීමට අවස්ථාව ලැබෙන්නේ ද කලාතුරකිනි.ජනාධිපති සිරිසේන මහතාට එලෙස රාජ්‍ය නායක හමුවීම් කිහිපයකට සම්බන්ධ වීමේ හැකියාව ලැබී තිබිණි.
ඕස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල්, බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් සමග පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාද ඉතා සුභවාදී විය. ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රතිසංස්කරණ, නැවත පදිංචි කිරීම් සහ සංහිඳියාව ගොඩ නැගීම වෙනුවෙන් පවුම් මිලියන 6.6 ක් ලබා දෙන බව මේ කෙටි සාකච්ඡාව තුලදී බ්‍රිතාන්‍යය අගමැතිවරයා පොරොන්දු වී තිබිණි.
කොහොම නමුත් රටේ නායකයන් ජාත්‍යන්තරය වඩා හොඳ ලෙස කළමනාකරණය කර ගන්නා බවක් පෙනෙන්නට තිබේ. මෙරට ගැටළු සියල්ල ද එලෙසම වඩා හොඳ ලෙස විසඳා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇති බව මේ දක්වා බලපොරොත්තු තැබිය හැකි තත්වයක තිබේ.
මීට කලකට පෙර මෙරට දේශපාලනය ගැන කියැවූනේ ජනතාව ඉදිරියන් බවත් නායකයන් පසුගාමී බවය. අද මේ මොහොත වන තත්වය එහි අනෙක් පැත්තේය. නායකයන් ඉදීරිගාමී වූවත් ජනතාව සිටින්නේ පසුපසිනි. ජනතාවගේ ධෛර්යය වුවමනාව නොමැතිව ඉදිරිගාමී නායකයකුට වුව රටක් ශක්තිමත්ව ස්ථාවරව ගොඩනැගීම පහසු කාරියක් නොවේ. ඒ අනුව මේ ගෙවෙන යුගය යනු ජනතාව තමන්ගේ බුද්ධිමත්භාවය පරික්ෂාවට ලක්කර ගන්නා යුගයකි. තව වසර පහකින් පසුව දකින්න ලැබෙන ලංකාව එහි ප්‍රතිපලය කියනු ඇත.